මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට විථී සංචාරය කරයි.

ඇසල පෙරහැර මංගල්‍යයේ 4 වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී හය පසුවී විනාඩි 40ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලවල පෙරහැර ක්‍රියාත්මක වෙයි.

දළදා විදීය, ඩී එස් සේනානායක විදීය, කොළඹ විදීය, යටිනුවර විදීය, රජ විදීය, කොටුගොඩ ඇල්ල විදීය, හරස් විදීය ඔස්සේ ගමන කර පෙරහැර දළදා මාලිගාව වෙත ගොඩවැදීමට නියමිතයි.

කාලීන පුවත්