ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක පමණ කාලයක්, උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එම දුම්රිය මාර්ගය යළි විවෘත කෙරෙන දිනය පසුව තීරණය කෙරෙන බව ද බව දුම්රිය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.