මහාචාර්ය උදිත් කේ ජයසිංහ කෘෂිකර්ම ලේකම් ධුරයෙන් ඉවතට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කොට නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. ප්‍රමුඛ පෙළේ කෘෂි ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ විසංවාදයක් ගොඩ නඟා ගෙන සිටි අතර මීට පෙර අවස්ථා ගණනාවක දීම මහාචාර්ය ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පදවියෙන් ඉවත් කෙරෙන හෝ ඉල්ලා අස් වන බවට තොරතුරු වාර්තා වෙමින් තිබිණ.

කාලීන පුවත්