මහාචාර්ය හේරත්ට වයඹ උප කුලපති දෙන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී වරු සහ විද්වත්හු ජනපතිට”චිට්”යවලා

මහාචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත් කර ලෙස ඉල්ලා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සේම වතමන් රජයට සම්බන්ධ විද්වතුන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කොට ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.මන්ත්‍රී වරයා පවසන්නේ මෙවැනි ක්‍රියා මඟින් විශ්ව විද්‍යාල උප කුලපති පදවියක ඇති ගෞරවය මුළුමනින්ම කෙලෙසී යන බවකි.

සනත් නිශාන්ත පෙරේරා, ඩී.බී. හේරත්, ඩී.වයි.ජේ. රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටගොඩ, සමන්ප්‍රිය හේරත් යන මැති ඇමැතිවරුන් මෙසේ ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කොට ඇති බව කී මන්ත්‍රී වරයා අමතරව ශ්‍රී ලංකා පොදු ජන ආචාර්ය සංගමයේ කැඳවුම් කරු ධම්මික වීරතිලක සහ වියත් මඟ කුලියාපිටිය සංවිධානයේ ලේකම් චින්තක ද සිල්වා සහ සභාපති මායාදුන්නේ සෙනෙවිරත්න යන අය ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර ඇති අතර එම වියත් මඟ සභාපති සහ ලේකම් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ නිසා මහාචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා එම තනතුරට පත්කරන ලෙස ඉල්ලා ඇති බව ද කීය.

කාලීන පුවත්