පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ශ්රී ලංකා මහා බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්රී ලංකා මහා බැංකුවට අද(20) නිර්දේශ කොට ඇත.මෙම නිර්දේශය සඳහන් වන්නේ ශ්රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ය.