යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ‘මහාවංශය’ ද ඇතුළත් කර ඇත.“ලෝකයේ දිගම හා අඛණ්ඩ ඓතිහාසික වාර්තා අතුරින් එකක් වන මහාවංශය, පරිණත ඉතිහාස සම්ප්රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්රමිකව ඉදිරිපත් කරමින්, දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව තිබේ” යැයි ‘යුනෙස්කෝ’ සංවිධානය පවසයි.“ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කළ පුරාවිද්‍යා පර්යේෂණවලින් සොයාත් ලේඛනයේ දක්වා ඇති කරුණුවල ‘මහාවංශයේ’ කරුණුවල සත්‍යතාව තහවුරු වී තිබේ. එය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ වැඳගත් තොරතුරු ඇතුළත් දකුණු ආසියාවට අති විශේෂ ඓතිහාසික මූලාශ්‍රයකි. මෙම ලේඛනය අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයාගේ අනන්‍යතාවය ද පැහැදිළිව සඳහන්ව තිබේ” යැයි එම සංවිධානය වැඩි දුරටත් කියයි.රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් කීපයක් තිබීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමෙන් එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරන බව ද යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.නමුත් නූතන සමාජයේ මහා වංශ කෘතිය පිළිබඳ විවිධ සමාජ කතිකාවන් පැන නැඟී අතර එය හමස් පෙට්ටියට හෙළිය යුතු යල් පිනූ මතවාද කෘතියක් සේද සමහරෙක් දකිති.