මහින්දගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මැතිවරණ රැස්වීම් ඇරඹීමේ අවුලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමු සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොහැකි වී තිබේ.සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් සාර්ථක ලෙස රට පුරා තම ජනහමු පැවැත්වීම අරඹා ඇතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක රැස්වීම පැවැත්වීම සඳහා ස්ථානයක් දිනයක් වේලාවක් නියම කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටළුවක් වී තිබේ,පක්‍ෂයේ ආරංචි මාර්ග පවසන්නේ මැතිවරණ අපේක්ෂකයන් මෙන්ම ආසන සංවිධායකයන් ද මේ මොහොතේ ගම් මට්ටමින් ජනහමු සංවිධානය කිරීම ඉතා අසීරු තත්වයක පවතින බව දැනුම් දී ඇති බවකි.මේ අතර පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන් වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ තම පක්ෂය ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයකට සූදානම් බව පවසා සිටිය ද ඒ සම්බන්ධ වැඩි විස්තර කිසිවක් ප්‍රකාශ කොට නැත.

කාලීන පුවත්