මහින්දට එල්ලවන ඩ්‍රෝන ප්‍රහාරයක් ගැන කී නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේට නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර ඇත.මෙම පත්වීම පසුගිය (20) වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී තිබේ.මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කොට ISIS ත්‍රස්තයින් වෙතින්ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබී ඇතැයි නීතිඥ මනෝජ් ගමගේ පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.කෙසේ වෙතත් නීතිඥ මනෝජ් ගමගේ මහතාට එම තොරතුර ලැබුණ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා
සදහන් කළේය.

කාලීන පුවත්