පසුගිය කාලයේ සත්ව සංවිධාන අධිකරණයට යාම මත නතර කොට තිබූ මෙරට රිලවුන් චීනයට යැවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ(21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.එමෙන්ම එම සතු චීනයට යවනුයේ එරට සත්වෝද්‍යාන වලට මිස මස් පිණිස නොවන බව ද ඇමති වරයා කීය.නමුදු ඔහු මුලින් සඳහන් කළ අන්දමට චීනයේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලක්ෂයක් යැවීමේ කතාව සහ මෙරට රිලා ගහණය සහ උන් ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් නිකුත් කළ තොරතුරු වල පවා විශ්වසනීය බව පිළිබඳ බරපතල ගැටළු පවතින බව සත්ව ලෝලීන් සත්ව අහිංසා ක්‍රියාධරයන් සහ පරිසර වේදීන් පසුගිය කාලය පුරාම පෙන්වා දි තිබිණ.