පසුගිය දා බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.ඒ පසුගිය මැයි මස 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමත් සමඟිනි.හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ආධාර කරුවකු වන කහඳගම මහතා කොළඹ පිටකොටුවේ පදික වෙළඳ ප්‍රජාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි අයෙකි