මහින්ද නාවලපිටි එන විට “මළ මිනී නැඟිටලා එනෝ”කී පිරිස අත් අඩංගුවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය  ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද ආසන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ දී අද (16) පැවැත් වූ අතර, එම රැස්වීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් සමගි ජනබලවේගයේ පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් වැලැක්වීමට පොලීසිය සමත් විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහින්දානන්ද පදනම් කාර්යාලයට පැමිණීමත් සමඟ සමගි ජන බලවේගයේ පිරිස”මළ මිනී නැඟිටලා එනෝ” ආදී විරෝධතා පාඨ කියමින් කළ උද්ඝෝෂණය නතර කිරීමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කරන ලදී.අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.

කාලීන පුවත්