මහින්ද සොයා ත්‍රි` මලේ නාවික මූලස්ථානය වට කරයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ආරක්ෂාව පිණිස ත‍්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානය වෙත ගුවන් මගින් ගොස් මේ වන විට එහි ලැගුම් ගෙන ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන පින්තූර ද සමාජ ජාලවල හුවමාරු වේ. ඒ අනුව මේ වන විට විශාල පිරිසක් ඒ ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන බවත් ඉන් පිටවන වාහන දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් වාර්තා වෙයි.

කාලීන පුවත්