මහ කන්නයේ පළමු මුරය සඳහා යූරියා කිලෝ ග්‍රෑම් දහයකින් ඉහළට

මෙවර මහ කන්නයේ පළමු මුරය සඳහා නිකුත් කරන යූරියා පොහොර ප‍්‍රමාණය හෙක්ටෙයාර් එකකට කිලෝග‍්‍රෑම් 40 සිට කිලෝග‍්‍රෑම් 50ක් දක්වා කිලෝ ග්‍රෑම් 10 කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ. ඒ ගොවි සංගම් නියෝජිතයින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි.මීට අදාල චක‍්‍රලේඛය එළඹෙන අඟහරුවාදා(08) නිකුත් කිරීමට නියමිත ය.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් විසින් අවිචාරවත් ලෙස සිදු කරන ලද යූරියා පොහොර වාරණය නිසා වී වගාව ඇතුළු මෙරට සමස්ත කෘෂිකර්මයම බිඳ වැටුණු බවත් ඉන් මෙරට සමස්ත ජනතාවම විවිධාකාර පීඩාවන්ට මුහුණ පෑ බවත් මේ වන විට තහවුරු වී තිබේ.

කාලීන පුවත්