මහ කන්නයේ වී අස්වැන්න සියයට 39.6 කින් ඉහළට

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ වී කිලෝග්‍රෑම් මිලියන 2,696ක් නිෂ්පාදනය කර ඇති බවත් 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දී සියයට 39.6කින් වැඩි වී ඇති බවත්.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ මහ කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්‍රෑම් මිලියන 1931.2කි. ඒ අනුව 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහකන්නයේ දී මෙරට වී නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 764.8කින් ඉහළ ගොස් ඇත.එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දී මෙරට වී නිෂ්පාදනය වී කිලෝග්‍රෑම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්‍රෑම් මිලියන 1,461.7කි. මහ බැංකු වාර්තාවට අනුව වී නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණ ද මේ වන විට වෙළෙඳ පොළේ සහල් මිල ඉතා වේගයෙන් වැඩි වී තිබේ.මෙවන් පසුබිමක සහල් හා වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කරනු ලැබූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී ඇත.

කාලීන පුවත්