මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි

රටේ සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙන යාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්වයක් පෙන්නුම් නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදී ය.

කාලීන පුවත්