මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද හෙටම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මැතිවරණ සමයේදී මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව සඳහන් කළේය.

කාලීන පුවත්