පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ 8 දින උදෑසන සිට අද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
පුත්තලම කොළඹ මාර්ගය තිල්අඩිය, කරිකට්ටිය, මදුරන්කුලිය, කිරියන්කල්ලිය, බත්තුළුඔය ඇතුළු ප්‍රදේශ වලින්ද පුත්තලම අනුරාධපුර මාර්ගය සිරම්භිඩිය,හයේ කනුව, ඇතුළු ප්‍රදේශ වලින්ද,පුත්තලම කුරුණෑග මාර්ගය තුනේ කනුව ,හයේ කනුව ,ගල්කුලම,ආණමඩුව ඇතුළු ස්ථාන වලින් යටවී ඇති බවයි ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ.
මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බැවින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියන් කල්වේලා ඇතිව නිවාසවල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනලදි.
වර්ෂාව තව දුරටත් පවතින හෙයින් බදුලු ඔය දෙපස පදිංචිව සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා දැනුම් දෙයි.