මළවුන් හැඩ ගැන්වීමේ කලාව

malaun

මෘත ශරීර රූපලාවන්‍ය විද්‍යාව යනු පුද්ගලයෙකුගේ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එමඟින් ඔවුන් ජීවිතයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබිඹු කරයි. මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු මියගිය පුද්ගලයාගේ මුහුණ, හිසකෙස්, ශරීරය සහ නියපොතු වලට ස්වභාවික පෙනුමක් ලබා දීම සඳහා රූපලාවන්‍ය සහ විශේෂිත ද්‍රව්‍ය භාවිතා කරන වෘත්තිකයෙකි. මෙම කුසලතා මියගිය අයගේ පවුලේ අය සහ මිතුරන් විසින් අවමංගල්‍ය සේවා වලදී අගය කරනු ලැබේ. මන්ද මියගිය පුද්ගලයාට සාමකාමී ජීවමාන ස්වරූපයක් සහ පෙනුමක් එමගින් ලැබෙන හෙයිනි.

මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු බලපත්‍රලාභී රූපලාවන්‍ය ශිල්පියෙකු වන අතර ඔහු මියගිය පුද්ගලයෙකු අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් කිරීම සඳහා විවිධ රූපලාවන්‍ය සේවා සිදු කරයි. මෙය desairologists ලෙස හඳුන්වනු ලැබේ. desairology යනු 1980 දශකයේ බටහිර රටවලත් 2000 වසරෙන් පසු ආසියාතික රටවලත් භාවිතයට ගනු ලැබූ විද්‍යාවකි. එහි අර්ථය නැරඹිම සඳහා මියගිය පුද්ගලයා එම්බාම් කිරීම සහ සූදානම් කිරීම සඳහා වන පැරණි යෙදුමකි.

මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් මියගිය පුද්ගලයා නැරඹීමට හෝ භූමදානය සඳහා සූදානම් කිරීම සඳහා ඉහත කී පරිදි හිසකෙස්, මුහුණ සහ නියපොතු මෝස්තර කිරීමට හෝ වෙනස් කිරීමට විවිධ නිෂ්පාදන භාවිතා කිරීමට පුහුණු කරනු ලැබේ. එසේ කිරීමෙන්, මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් තම මියගිය ආදරණීයයා ඔවුන් සිහිපත් කිරීමට කැමති පරිදි පෙනී සිටීමෙන් ශෝකයට පත් පවුලේ අයට සහ මිතුරන්ට සැනසීමක් ලබා දිය හැකිය.

මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් යනු මූලික වශයෙන් රූපලාවන්‍ය ශිල්පීන් වන අතර පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මෙම අතිරේක සේවාව සපයනු ලැබේ. එසේ වුව ද පූර්ණ කාලීන වෘත්තීන් ලෙස ද මෙය මේ වනවිට ව්‍යාප්තව පවතී. ආසන්න වශයෙන් මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් ලක්ෂ අටක පමණ පිරිසක් එක්සත් ජනපදය පුරා සිය සේවය ලබා දෙමින් සිටිති.

එක්සත් ජනපදයේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලනයේ නිල මතය නම්, desairology විද්‍යාව ප්‍රගුණ කිරීමට කිසිදු සහතිකයක් අවශ්‍ය නොවන අතර, මියගිය පුද්ගලයින්ට රූපලාවන්‍ය සේවා සිදු කිරීම සඳහා බලපත්‍රලාභී රූපලාවන්‍ය ශිල්පියෙකු, අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙකු හෝ එම්බාම්කරුවෙකු පමණක් වීම ප්‍රමාඛණවත් බවයි. බොහෝ අවමංගල්‍ය නිවෙස්වලදී, පවුලේ අය විශේෂ සේවාවන් හෝ යම් රූපලාවන්‍ය ශිල්පියෙකු ඉල්ලා සිටින්නේ නම් මිස, අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය රූපලාවණ්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ සාමාන්‍ය අවමංගල්‍යයක් සඳහා පමණි.

ජාතික රූපලාවණ්‍ය කලා හා විද්‍යා ප්‍රතීතන කොමිෂන් සභාවට (NACCAS) අනුව, එක්සත් ජනපදයේ කිසිදු පාසලක් දැනට මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් සඳහා නිශ්චිත අධ්‍යයන වැඩසටහන් ඉදිරිපත් නොකරයි, කෙසේ වෙතත්, බොහෝ පාසල් ඔවුන්ගේ රූපලාවණ්‍ය විෂය මාලාවේ කොටසක් ලෙස මෘත ශරීරාගාර සේවා පිළිබඳ පන්ති පවත්වයි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 කම රූපලාවන්‍ය ශිල්පීන් සඳහා අවශ්‍ය වන සම්මත රූපලාවන්‍ය බලපත්‍රයෙන් ඔබ්බට මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පීන් සඳහා විශේෂ බලපත්‍රයක් එක් එක් ප්‍රාන්තවලට අවශ්‍ය නොවේ.

නමුත් ඕනෑ ම පුද්ගලයෙකුට මේ සදහා වූ විශේෂ බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් පවතී. බලපත්‍රලාභී මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකුට අවමංගල්‍ය නිවාස හෝ මෘත ශරීරාගාර සමඟ කොන්ත්‍රාත්කරුවෙකු හෝ නිදහස් සේවකයෙකු ලෙස කටයුතු කළ හැකිය. එපමණක් ද නොව යම් පුද්ගලයෙකු අවමංගල්‍ය සේවාවන්හි උසස් අධ්‍යාපනයක නිරත වී එය ස්ථිර රැකියාව ලෙස කරගෙන යාමට කැමති නම්, ගුඩ්වින් විශ්ව විද්‍යාලය ආශ්‍රිත උපාධියක අධ්‍යයන කටයුතු කළ හැකි අතර ලොව පිළිගත් උපාධියක් ද ඒ සදහා පිරිනමයි.

මෙම අධ්‍යයන කටයුතුවලදී ආදරණීයයන්ට උපකාර කිරීමට අවශ්‍ය සදාචාරාත්මක සහ මනෝ විද්‍යාත්මක පසුබිම සහ එය සිදු කළ යුතු ආචාර විද්‍යාත්මක ආකාරයන් පිළිබදව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ. එපමණක් ද නොව මෙකී උපාධිය ද සමග මෘත ශරීර රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පා තබන වෘත්තිකයන් සදහා වන ගෙවීම ද ඉතාම ඉහළ අගයකි. ඔවුන්ගේ සේවය රදා පවතින්නේ කාලය මතය. සාමාන්‍යයෙන් මෘත ශරීරයක එම්බාම් කටයුතු සහ රූපලාවන්‍ය කටයුතු සදහා ඉතාම අඩු කාලයක් වැය කිරීම මෙම වෘත්තියේ නිපුණත්වයට බෙහෙවින් බලපායි. ප්‍රවීන මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු මේ සදහා ගත කරන කාලය පැය දෙකකට සීමා විය යුතු අතර ඔවුන්ගේ අය කිරීම ද මුළු අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ම දැරීමට සිදුවන සම්පූර්ණ පිරිවැය හා සමාන අගයකි.

දුලංජලී මුතුවාඩිගේ

අරුමැසි පුවත්