මළ කෝලම් නොකර බලයට පත් කරන්න අවශ්‍ය කෙනා කියන්න

ගෝඨා ගෝ හෝම් කියා පටන් ගත් අරගලය වෙත එවක පැවැති දැඩි පීඩනය මුල් කොට මහා ජනකායක් එක් වීම මත එම අරමුණ ඉටු වූ බවත් දැන් එය රනිල් ගෝ හෝම් ලෙසින් නැවත ක්‍රියාත්මක කෙරෙන බවත් එය ද සාර්ථක වුවහොත් දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති පදවියට පත් වීම මත දිනේෂ් ගෝ හෝම් යනුවෙන් නැවත අරගලය ඇරඹිය හැකි බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඔය “මළ කෝලම්” නොකර බලයට පත් කිරීමට අවශ්‍ය පුද්ගලයා කෙලින්ම නම් කරන ලෙස ඉල්ලා සිටියේය.ඒ ඊයේ(27) පැවැති හදිසි නීතිය දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.එමෙන්ම ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙසේ දිගින් දිගටම අරගල කිරීමට වඩා රටේ පවත්නා වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මඟක් සිතිය යුතු බවකි. ලබන නව වන දා යළි අගනුවරට ජනතාව රැස් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් හොන්සේකා මහතා කළ ප්‍රකාශයක් ද ද වීරවංශ මහතා එහි දී හුවා දැක්වීය.

කාලීන පුවත්