.මාතර අවතැන් වූවනට කතරගම දෙවොලෙන් බත් පාර්සල්

මාතර ප්‍රදේශයේ ස්වභාවික ආපදාවන් ගෙන් පීඩාවට පත්ව අවතැන් වූ ජනතාව සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟ පෙන්වීම මත ශ්‍රීලංකා යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව බත් පාර්සල් බෙදාදීම සිදුකෙරිණි.කතරගම දේවාලයට ලැබෙන මුදල් ඊට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් වෙතින් අවභාවිතයට පත්වීමට ඉඩ කඩ හැකිතාක් දුරට අවම කොට එම මුදල් මහජන සුබ සිද්ධිය සඳහා යෙදවීමේ මෙවන් ජනතා හිතවාදී සේවා යාන්ත්‍රණය ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ කාර්යාල ආරංචි මාර්ග් සඳහන් කරයි.

කාලීන පුවත්