වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය. ඒ නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙසිනි.ඔහු අදාළ සම්මානය ලබා ගැනීම සඳහා ඔහු මේවන විට නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටියි.අපගේ සහෘද මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට උණුසුම් සුබ පැතුම්!