මාධ්‍ය මඟින් පැවසුණු රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යයේ මැණික් සොරකම ගැන CID පරීක්ෂණ

රුවන්වැලි මහ සෑයේ චුඩාමාණික්‍යයේ මැණික් සොරා ගෙන ඇති බවට පසුගිය කාලයේ මාධ්‍ය මඟින් පැතිර ගිය විවිධ වාර්ථා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇත.ඒ රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් කළ ඉල්ලීමකට අනුව ය.එවිට මේ පිළිබඳ සත්‍ය අසත්‍ය ජනතාවට වටහා ගත හැකි වනු ඇතැයි හේමරතන හිමියෝ කියති. කාලයාගේ අවැමෙන් හා අකුණුසැර වැදි පළුදු වී තිබු චුඩා මාණික්‍යය වෙනුවට විශාල පරිශ්‍රමයක් දරා නව චුඩාමාණික්‍යයක් මහ සෑයට පැළඳවීමට පියවර ගත් අතර එය නීත්‍යනුකුලව හා විනිවිද භාවයෙන් සිදු කළ බව උන්වහන්සේ කියා සිටියහ. ඒ අතර පැරණි චුඩාමාණික්‍යය පාදම සහිතවම සලපතල මලුවේ විශේෂ කුටියක තැන්පත් කර ඇති බවත් රුවන්වැලි මහ සෑයේ චුඩා මාණික්‍යයේ මැණික් සොරා ගෙන ඇති බවට පසුගිය කාලයේ පැතිර ගිය ආරංචිය කිසිදු පදනමකින් තොර අසත්‍යයක් බව ද උන් වහන්සේ කියති.

කාලීන පුවත්