ලෝක දේශපාලන කරළියේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් වූ, පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටාර්ටේ අත්අඩංගුවට ගැනීම මේ දිනවල මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඔහු පිලිපීන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය අඟහරුවාදා (11) යි. ඩුටාර්ටේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) විසින් ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව යි. අත්අඩංගුවට ගෙන ටික වේලාවකට පසු ඔහු ගුවන් යානයක නංවා ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටි නෙදර්ලන්තයේ හේග් නුවර වෙත එවීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබිණි.
මේ වනවිට 79 වැනි වියෙහි පසුවන ඩුටාර්ටේ පිලිපීනයේ ජනාධිපති ධුරය දැරුවේ 2016 වසරේ සිට 2022 දක්වාය. මෙම කාලය තුළ එරට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඔහු විසින් දියත් කරන ලද මෙහෙයුම බොහෝ මතභේදයන්ට තුඩු දුන් එකක් විය. එහි දී මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යයි සැක කළ අය කිසිදු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව මරා දැමීමට ආරක්‍ෂක අංශවලට උපදෙස් ලැබී තිබූ බව පැවසිණි. අහිංසක කුඩා දරුවන් පවා මෙම මෙහෙයුමේ දී මරණයට පත් ව තිබූ බව වාර්තා විය.
6,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් මරා දමන ලද බව සඳහන් වේ. නමුත් ඇතැම් මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන් පවසන්නේ මරා දැමුණු සංඛ්‍යාව මෙයට වඩා බෙහෙවින් වැඩි බව යි. පොලිසියට මෙම මෙහෙයුමේ දී සෝදිසි කිරීමේ වරෙන්තු හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු හෝ අවශ්‍ය නොවූ බව ද සඳහන් විය. මෙම සැකකරුවන්ට නීතිය ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාවක් හිමි වූයේ නැත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර ඩුටාර්ටේට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණේ එ් පිලිබඳ කෙරුණු විමර්ශනයකින් පසුව ය.
6,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් මරා දමන ලද බව සඳහන් වේ. නමුත් ඇතැම් මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන් පවසන්නේ මරා දැමුණු සංඛ්‍යාව මෙයට වඩා බෙහෙවින් වැඩි බව යි. පොලිසියට මෙම මෙහෙයුමේ දී සෝදිසි කිරීමේ වරෙන්තු හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු හෝ අවශ්‍ය නොවූ බව ද සඳහන් විය. මෙම සැකකරුවන්ට නීතිය ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාවක් හිමි වූයේ නැත. කෙසේ නමුත් ඩුටාර්ටේ ගේ මත් ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ ගොදුරු බවට පත් වූයේ මෙම ජාවාරමේ පහළම මට්ටමේ සිටි අය බවටත්, සැබෑ ජාවාරම්කරුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බවටත් චෝදනා එල්ල විය. මිය ගිය බොහෝ දෙනා තරුණ, දිළිඳු, නාගරික උදවිය යි.

ජනාධීපති ධුරයට පත් වීමට පෙර ඩුටාර්ටේ දීර්ඝ කාලයක් ඩෙවෝ නැමැති නගරයේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. එ් කාලයට අදාලව ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර එ් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශන සිදු කළේය.
පසුගිය 11 වැනි දින ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ හොංකොං හි සංචාරයකින් පසු පෙරළා පිලිපීනයට පැමිණි අවස්ථාවේ මැනිලා ගුවන් තොටුපලේ දී යි.
තමා කළේ වරදක් බව ඔහු කිසිදු අවස්ථාවක පිලිගත්තේ නැත. හිටපු ජනාධිපතිවරයා නිතරම පැවසුවේ තමා මේ හැම දෙයක්ම කළේ රට වෙනුවෙන් බව යි.
‘මා කිසිවක් ගැන සමාව ගන්නේවත්, නිදහසට කරුණු කියන්නේවත් නෑ. එ් නිසා මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රශ්න කරන්න එපා. මම කළේ මට කරන්න තිබුණු දේ යි. මම එ් හැම දේම කළේ රට වෙනුවෙනු යි’ ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පැවැත් වූ විමර්ශනයක දී ඩුටාර්ටේ පසුගිය ඔක්තෝබර් මාසයේ ප‍්‍රකාශ කළේය. ‘මම මත්ද්‍රව්‍යවලට වෛර කරනවා. එ් ගැන සැකයක් තියා ගන්න එපා’’.
මානව හිමිකම් සංවිධාන වැනි පාර්ශ්වවලින් ඩුටාර්ටේට එරෙහිව චෝදනා එල්ල වුවත් ඔහු ජනතාව අතර බෙහෙවින් ජනපි‍්‍රය නායකයකු වීම විශේෂත්වයකි. 2022 වසරේ ඔහුගේ ධුර කාලය අවසන් වූ අවස්ථාවේ පිලිපීන ජනතාවගෙන් සියයට 90 ක්ම ඔහු කටයුතු කළ ආකාරය අනුමත කර තිබිණි. ඊට පෙර එරට පාලනය කළ කිසිදු නායකයකු මෙතරම් ජනපි‍්‍රයත්වයක් හිමි කරගෙන තිබුණේ නැත.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකි වේ.
පිලිපීනය කලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වුවත් 2019 වසරේ ඔවුහු ඉන් ඉවත් වූහ. මේ නිසා මෙම අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල නොවන බවට ද ඩුටාර්ටේගේ හිතවාදීන් තර්ක කරනු දැකිය හැකි වේ. නමුත් මෙම අත්අඩංගුවට ගැනීම අදාළ වන්නේ 2019 වසරට පෙර කාලයට බැවින් එය නීත්‍යානුකුල බව තවත් පාර්ශ්ව පෙන්වා දී තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩුටාර්ටේ රඳවා තිබුණේ ගුවන් හමුදා කඳවුරක බවක් ද සඳහන් විය. ඔහු මැනිලා ගුවන් තොටුපලෙන් පිටතට එද්දී සැරයටියක ආධාරයෙන් ගමන් කරන ආකාරයක් දක්නට ලැබිණි. නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඔහු ගැන සොයා බලන බවත් නිලධාරීන් ප‍්‍රකාශ කර තිබිණි.
ඔහු මුල දී අපරාධ අධිකරණයේ විමර්ශනයට සහය දැක් වූයේ නැත. නමුත් මේ වනවිට ඔහු සහ ඩුටාර්ටේ පාර්ශ්වය අතර යම් ආතතියක් පවතින බව සඳහන් වේ. ඉහත කී විමර්ශනයට සහය දැක්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ එවැනි පසුබිමක් තුළ ය.
ඔහු නැවතත් ඩෙවෝ හි නගරාධිපති පදවියට තරග කිරීමට සූදානමින් සිටි බව ද පැවසේ. එම මැතිවරණ පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ යි.
මේ වනවිට එරට ජනාධිපති පදවිය දරන්නේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාකෝස් ගේ පුත‍්‍රයා වන ෆර්ඩිනන්ඞ් මාකෝස් (කණිෂ්ඨ* ය.
ඔහු මුල දී අපරාධ අධිකරණයේ විමර්ශනයට සහය දැක් වූයේ නැත. නමුත් මේ වනවිට ඔහු සහ ඩුටාර්ටේ පාර්ශ්වය අතර යම් ආතතියක් පවතින බව සඳහන් වේ. ඉහත කී විමර්ශනයට සහය දැක්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ එවැනි පසුබිමක් තුළ ය.
නිහාල් පීරිස්