මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් තෙල් බද්දක් පනවන්න යයි

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන්  ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් සියයක මාර්ග නඩත්තු ගාස්තුවට අමතරවය.

මෙම මාර්ග නඩත්තු ඉන්ධන බද්ද පැනවීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි දෙදහසක ආදායමක් ලබා ගත හැකි බව අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ සඳහන්ව ඇත.

කාලීන පුවත්