“මාර වැඩේ තමයි ලංකාවට වුණේ”මිලානෝ නව කන්සියුලර්වරයා බන්දු සමරසිංහ

ඉකුත් ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් වල කැපී පෙනෙන චරිතයක් බවට පත් ව සිටි ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි යනුවෙන් පැතිර ගිය රාවය විදේශ කටයුතු ආරංචි මාර්ග මඟින් ද තහවුරු වී තිබේ.ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය ලෙස පත්කොට ‍යැවූ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ හදිසි අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් වල දී නිතර කී”මාර වැඩේ තමයි ලංකාවට වුණේ”යන වදන් කිහිපය එවක රට පුරා ප්‍රචලිත විය.

කාලීන පුවත්