මාලිමාවේ ජය “දෙන්නම් කාසි”ක්‍රමයට ගත් එකක් ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 6863186 ක් සහ ආසන 159 ක් හිමි කර ගනිමින් ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ලද ජයග්‍රහණය සුවිශේෂී එකකි. මා එසේ පවසන්නේ එදා මෙදා තුර අප රටේ පැවැති මැතිවරණ අතුරින් සුවිශේෂී වාර්තා කිහිපයක් තැබීමට සිය ජයග්‍රහණය මගින් මාලිමාව සමත්ව තිබීම නිසා ය.ඒ අනුව එම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් සමාජ මනෝ විද්‍යාත්මක කෝණයෙන් යම් විමසීමක් කිරීම සුදුසු යැයි මට සිතෙයි. පසුගිය දශක කිහිපයක් පුරා අප රටේ ජනතාව සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් අවනතියකට ගොදුරු වී සිටි බව නොරහසකි. අප රටේ සමාජ ආර්ථික යහ පැවැත්මට පාදක වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සේම රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් විවිධ හේතූන් මත බොහෝ දෙනකු තුළ කලකිරීම් හටගෙන තිබිණ.මෙය කඩා බිඳ වැටීම ( Disruption ) නම් තත්වයකි.

සමස්ත රටේ ජනතාව වෙත හිමි විය යුතු සමාජ සාධාරණය වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණක් ලැබීම සහ ඊට සාපේක්‍ෂව සමාජයේ සෙසු ජන කොටස් අනේක විධ බරපතල ආසාධාරණයට ලක් වීම ගත වූ කාලය පුරා නිරතුරුවම දක්නා ලදී. එමෙන්ම දේශපාලනඥයන් ඇතුළු සමාජයේ වරප්‍රසාද හිමි කර ගත් පිරිස් ඉවක් බවක් නොමැතිව මහජන දේපල අවභාවිතා කළ අතර ඒ ඔස්සේ සොර මැරකම්, වංචා දූෂණ, අක්‍රමිකතා ආදිය මගින් සමාජ සමානාත්මතාවයට බරපතල හානි සිදු විය. එමෙන්ම දේශපාලනඥයන් ගේ ඔවුන් සමඟ එක්ව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් ගේ අඥානකම් සහ නොපනත් කම් හමුවේ “සංවර්ධනය” යන වදන හුදෙක් ව්‍යාජයක් සේ පොදු සමාජය හමුවේ දිස් විය. එහි දී ඒ සමඟම රට හමුවේ බලපෑ ආර්ථික අවපාතය හමුවේ ජනතාව විසින් එළැඹි එකම පොදු නිගමනයක් තිබිණ. එනම්, ඊට එය මෙතෙක් රට පාලනය කළ සියළුම පාලකයන්ගේ සොර මැරකම් ඊට නියත ලෙස හේතු වූ බව ය.

සමස්ත රටේ ජනතාව වෙත හිමි විය යුතු සමාජ සාධාරණය වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණක් ලැබීම සහ ඊට සාපේක්‍ෂව සමාජයේ සෙසු ජන කොටස් අනේක විධ බරපතල ආසාධාරණයට ලක් වීම ගත වූ කාලය පුරා නිරතුරුවම දක්නා ලදී. එමෙන්ම දේශපාලනඥයන් ඇතුළු සමාජයේ වරප්‍රසාද හිමි කර ගත් පිරිස් ඉවක් බවක් නොමැතිව මහජන දේපල අවභාවිතා කළ අතර ඒ ඔස්සේ සොර මැරකම්, වංචා දූෂණ, අක්‍රමිකතා ආදිය මගින් සමාජ සමානාත්මතාවයට බරපතල හානි සිදු විය. එමෙන්ම දේශපාලනඥයන් ගේ ඔවුන් සමඟ එක්ව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් ගේ අඥානකම් සහ නොපනත් කම් හමුවේ “සංවර්ධනය” යන වදන හුදෙක් ව්‍යාජයක් සේ පොදු සමාජය හමුවේ දිස් විය. එහි දී ඒ සමඟම රට හමුවේ බලපෑ ආර්ථික අවපාතය හමුවේ ජනතාව විසින් එළැඹි එකම පොදු නිගමනයක් තිබිණ. එනම්, ඊට එය මෙතෙක් රට පාලනය කළ සියළුම පාලකයන්ගේ සොර මැරකම් ඊට නියත ලෙස හේතු වූ බව ය. මෙම පසුබිම යටතේ ඉකුත් කොවිඩ් වසංගතය හමුවේ රටේ සමාජ ආර්ථික යාන්ත්‍රණය මුලුමනින් අඩාල වීමේ දී එහි වගකීම පවා එදා මෙදා තුර රට පාලනය කළ දේශපාලනඥයන්ට පවරා ඔවුනට එරෙහි වීමට ජනතාව පෙළඹී සිටියහ. මෙය එක්තරා අන්දමක භාව විරේචන ( Catharsis ) ක්‍රියාවලියකි.

නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම අද

1948 නිදහසින් පසුව රට පාලනය කළ සියළුම පාලකයන් රටේ සම්පත් සූරා කෑ බවත් ඉන් ජනතාව මුදවා ගෙන මෑත කාලීන පාලකයන් එසේ පැහැර ගත් ධනය යළි ජනතාවට ලබා දෙන බවත් පවසමින් මාලිමාව මෙවර තම ජනාධිපති සටන දියත් කළේ ඒ අනුව ය.මෙය ජනතාව ගේ සිත් තුළ දැවෙන ප්‍රශ්න ගැටළු හා අර්බුද හමුවේ දුන් කදිම අර්ථ නිරූපණයකි.එහෙත් එය සර්ව සාධාරණ අර්ථ කථනයක් නොවන සේම ඒ සඳහා යම් අයුරකින් දායක වූ නිලධාරී පැලැන්තිය තම මැතිවරණ වේදිකාවල දී නිදොස් කොට නිදහස් කිරීමට ද මාලිමාව උපායශීලී ව ක්‍රියා කරනු දක්නා ලදි.ඒ එවැන්නකින් සිදු වන දේශපාලන අවාසිය සළකා විය යුතු ය. එමෙන්ම රට තුළ කෙතරම් බරපතල ආර්ථික අර්බුදයක් පැවැතිය ද ආණ්ඩුව ජනතාවට සහන සැලසීමේ වගකීම පැහැර හැරීම බරපතල අපරාධයක් සේ හුවා දැක් වූ ඔවුන් තමන් බලයට පත් වූ පසු ජනතාවට උපරිම සහන සළසන අතරේ මේ වන විට අතිශය බරපතල අර්බුදයක්ව පැවති ඩොලර් බිලියන හතරක් වන ගෙවුම් ශේෂ හිඟය ද පියවිය හැකි බව මාලිමාව පවසා සිටියේ හුදෙක් ජනප්‍රිය දේශපාලනික අංග උපරිම ලෙස ප්‍රදර්ශනය කරමිනි.ඒ අනුව සාමාන්‍යයෙන් පොරොන්දු දේශපාලනය යන්න නව සමාජය හමුවේ යාවත් කාලීන කළ නොහැකි වුවද ගත වූ කාලය තුළ අප ජන සමාජය අත් විඳි බරපතල මානසික අසහනය හමුවේ එය වලංගු සාධකයක් බවට පත් කර ගැනීමට මාලිමාව සමත් විය.එහිදී ඔවුන් ඉදිරිපත් කළ නිදහසින් පසු ගත වූ හැත්තෑ හය වසර යන ව්‍යවහාරය එදා මෙදා තුර රට පාලනය කළ සියලු දේශපාලනඥයන්ට අදාල නොවන සේම එම කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ ද මෙරට කැබිනට් ඇමති පදවි පවා දරා ඇති බව ප්‍රසිද්ධ කරුණකි.

එහෙත්, තමන් තුළ ඇති පවත්නා දේශපාලන සංස්කෘතියේ පෙරැලියක් දැකීමට ඇති නොනිත් ආශාව හමුවේ එය ද ගණන් නොගත යුත්තක් සේ ජනතාව සිතන්නට ඇත.එමෙන්ම පසුගිය කාලය පුරා අප රටේ දේශපාලන සංස්කෘතිය තුළ ගොඩනැගී තිබූ පාලක කාරකාදීන් ගේ සුඛ විහරණය සඳහා මහජන මුදල් කාබාසිනියා කිරීම වැනි දුර්දාන්ත අංග සම්බන්ධයෙන් මාලිමාව ඉදිරිපත් කළ ඇතැම් කරුණු වල යුක්ති සහගත සහ සාධාරණ ස්වරූපයක් ද දක්නට ලැබුණු බව අප අවිවාදයෙන්ම පිළිගත යුතු ය. එමෙන්ම ජනතාවාදී නොවන එම ක්‍රමය ඉවත ලා ජනතාවාදී නිර්ප්‍රභූ ( Subaltern )දේශපාලනයක අවශ්‍යතාව ද මාලිමාව ජනතාව හමුවට ඉදිරිපත් කරන ලද්දේ පොදු ජන මානසික අවශ්‍යතා මනාව සංතෘප්ත කරමිනි.
රටේ පාලකයා ද සාමාන්‍ය ජනතාව මෙන් සරල සැහැල්ලු චාම් ස්වරූපයකින් යුතු විය යුතු බවට අනුර කුමාර දිසානායක ජනපති පදවියට පත් වූ පසුව පවා මාලිමාවෙන් ලැබුණු ආදර්ශය කෙරෙහි ජනතාව වශීකෘත වූ බව ද ඒකාන්ත සත්‍යයකි. එහි ද ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ නවතම පිබිදීමක් ඇති කිරීමට සමත් වූ මනෝ විද්‍යාත්මක සාධක ගැබ් ව තිබූ බව නිසැක ය. ඉහත සඳහන් සමාජ මනෝ විද්‍යාත්මක අවශ්‍යතාව අප රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් අතරේ විවිධ අයුරින් පැවැති බවට මෙවර පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලය කදිම නිදසුනකි.

පසුගිය කාලය පුරා සමාජය අත්විඳි දරුණු ආර්ථික සමාජයීය පීඩනය හමුවේ හටගත් මානසික අසහනය හමුවේ ඔවුන් එවැන්නක් ඉදිරිපත් කිරීම කුසගින්නෙන් පීඩිත වූවකු හට වියළි සලාක සමඟ රසවත් ආහාරයක් තනා ගත හැකි වට්ටෝරුවක් වෙනුවට කෑම වේලක් ඉදිරිපත් කිරීම මෙනි.එමෙන්ම අධික පිපාසයකින් පෙළෙන්නකු තමන්ට හිමි වන මුල් ජල බඳුනේ ප්‍රමිතිය පරීක්ෂා නොකරන මුත් පසුව ඒ සඳහා ද යොමු වනු ඇත.නමුත් දැන් ඉතින් ඔවුන් පුන පුනාම කී අන්දමට ජනතාවට පීඩාවක් නොවන අන්දමට රට හමුවේ ඇති බරපතල ණය අර්බුදය විසඳීමට රජය විසින් ගැනීමට අපේක්‍ෂිත විධිමත් ක්‍රියා මාර්ග ඔවුන් ජනතාව හමුවේ පූර්ණ වශයෙන් අනාවරණය කළ යුතු ය.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය තුළින් අප රටේ ඡන්ද දායකයන් සැලකිය යුතු පිරිසක් මාලිමාවෙන් තමන් වෙත හිමි වූ මානසික තුටු පඬුරු වලින් මානසික විශෝධනයකට ලක් වූ බවත් එමගින් තම ජීවන සහ සමාජීය යහපැවැත්ම පිළිබඳ සුබවාදී බලාපොරොත්තු දල්වා ගෙන හිඳින බවත් අතිශයින් පැහැදිලි ය.
නමුත් මේ වන විට ආණ්ඩු බලය දරණ ජාතික ජන බලවේගය හා නීතිමය සබැඳියාවක් නැතත් ඒ වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මෑත දිනයෙක පවසා සිටි සේම මේ ජයග්‍රහණය මාලිමාවට බර වැඩි නොවන්නේ ද යන කුකුස අප තුළ ද ඇති වී තිබේ.ඒ මේ වන විට වත්මන් රජයට මුහුණ දීමට ඇති අතිශය බරපතලම ගැටළුව වන ජාත්‍යන්තර ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම සම්බන්ධ රජයේ ක්‍රියා මාර්ග මෙතෙක් ජනතාව හමුවේ අනාවරණය වී නොමැති පසුබිමක ය.ඒ අනුව බලන විට මාලිමාවේ මෙම ජයග්‍රහණය “දෙන්නම් කාසි”ක්‍රමයට ගත් එකකි.නමුත් මෙවර මෙතරම් ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගැනීම පිණිස ඔවුන් යෙදා ගත් නව උපාය මාර්ග අතිශයින් කාලීන හා ප්‍රායෝගික බව ද කිව යුතු ය.

පසුගිය කාලය පුරා සමාජය අත්විඳි දරුණු ආර්ථික සමාජයීය පීඩනය හමුවේ හටගත් මානසික අසහනය හමුවේ ඔවුන් එවැන්නක් ඉදිරිපත් කිරීම කුසගින්නෙන් පීඩිත වූවකු හට වියළි සලාක සමඟ රසවත් ආහාරයක් තනා ගත හැකි වට්ටෝරුවක් වෙනුවට කෑම වේලක් ඉදිරිපත් කිරීම මෙනි.එමෙන්ම අධික පිපාසයකින් පෙළෙන්නකු තමන්ට හිමි වන මුල් ජල බඳුනේ ප්‍රමිතිය පරීක්ෂා නොකරන මුත් පසුව ඒ සඳහා ද යොමු වනු ඇත.නමුත් දැන් ඉතින් ඔවුන් පුන පුනාම කී අන්දමට ජනතාවට පීඩාවක් නොවන අන්දමට රට හමුවේ ඇති බරපතල ණය අර්බුදය විසඳීමට රජය විසින් ගැනීමට අපේක්‍ෂිත විධිමත් ක්‍රියා මාර්ග ඔවුන් ජනතාව හමුවේ පූර්ණ වශයෙන් අනාවරණය කළ යුතු ය.

ඒ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට ජාතිය හමුවේ එල්ල වී ඇති ඩොලර් බිලියන හතරක ගෙවුම් ශේෂ අර්බුදය නිශ්චිත කාල රාමුවක් තුළ විසඳීම ඇතුළු බරපතල ආර්ථික ගැටළු සමනය කොට සැබෑ යහපාලනයක් ඇති කිරීමේ වගකීම මේ වන විටත් ඔවුන් ගේ උර මතට වැටී ඇති බැවිනි.නැතිනම් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දෙන්නම් කාසි ක්‍රමයට කළ ගනු දෙනුවකින් පසු පලා යන කූට ගනුදෙනු කරුවකු ගේ තත්වයට පත් වීම වැලකිය නොහැකි බව අකමැත්තෙන් වුව කිව යුතු ය. කුමන ආකාරයකින් සියතට පත් කර ගත්ත ද බලය මය.භාරතයේ කෞටිල්‍ය ඉතාලියේ මැකියාවේලි ආදීන් ගේ දර්ශන අනුව ද එය සනාථ වේ.බලය නිවැරදි අයුරින් නොයෙදීම බරපතල විනාශයක් අත් කරවයි.එය සිසරෝ ගේ සිට බයිබලය දක්වාත් ප්‍රංශ විප්ලවය දක්වාත් ඓතිහාසිකව යළි යළිත් තහවුරු වූ දේශපාලන යථාර්ථයකි.. ප්‍රංශ විප්ලවයේ ජාකොබින්ලා, රිචඩ් නික්සන් වැනි මේ සත්‍ය නොසලකා හැරියවුන්ට වන්දි ගෙවීමට සිදු වූ අයුරු ලොවම දනිති. බලය සිය`තට පත් වූ පසු වගකීම අමතක කළ ජේ.ආර්.ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ අපට සමීප උදාහරණය. ගෝඨාභය ගැන මා සඳහන් කළ යුතු නැත. ඒ අනුව කවරකු වෙතින් වුව බලය පදනම් කර ගත් අමන පාලනයක් යළි කිසි දිනෙක සිදු නොවිය යුතුම ය.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

එතෙර - මෙතෙර