මාලිමාව නොදිනන පළාත් පාලන ආයතන වලට මුදල් නොදෙන බවක් මා කියා නෑ

මාලිමාව ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් නොකරන බවක් තමන් කිසිවිටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 19 ) පැවසීය.ජනපතිවරයා ඒ බව පවසා සිටියේ නුවරඑළියේ පැවැති මැතිවරණ රැලියක් අමතමිනි .තමන් පවසා සිටියේ පළාත් පාලන ආයතන අනිසි ලෙස භාවිත කිරීම සහ කොල්ලකෑම සඳහා අරමුදල් වෙන් නොකරන බවක් පමණක් බව ද ජනපති වරයා පවසයි. “කොල්ලකෑම නතර කිරීමෙන් මධ්‍යම රජය මහාභාණ්ඩාගාරයට අරමුදල් රැස් කිරීමට විශාල උත්සාහයක් දරනවා. පළාත් පාලන ආයතනය එකම ප්‍රතිපත්තියක් අනුගමනය නොකරනවා නම්, අරමුදල් අවභාවිත කර ඒවා කොල්ලකනවා නම්, අපිට ඊට ඉඩදෙන්න බැහැ. පළාත් පාලන ආයතනවලට මුදල් අවභාවිතා කරන්න, මුදල් කොල්ලකන්න අපි ඉඩදෙන්නේ නැති බව විතරයි මම කිව්වේ ” ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා තිබේ.නමුත් ජනාධිපති වරයා පසුගිය මැතිවරණ රැලි ගණනාවක දීම කළ කතා වලින් ඔහු නොකියූ බව පවසන මුල් අදහස පළ වීම නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතා මේ වන විටත් ප්‍රකාශ වෙමින් තිබේ.එමෙන්ම පළාත් පාලන ආයතන වල අයථා මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන හා ඒවාට එරෙහි නිසි පියවර ගැනීමේ යාන්ත්‍රණයක් මේ වන විට ද ක්‍රියාත්මක වෙමින් පවතී.

කාලීන පුවත්