වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.
වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව නම් කර ඇත්තේ ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ලෙසිනි.
මෙම රෝගයට හේතු වන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ මුත්රාවල අඩංගුවන අතර එය මේ වනවිට ගවයන්ගේ සුනඛයින් සහ ඌරන්ගේ මළ සහ මුත්රාවලද අන්තර්ගත බවට සොයාගෙන ඇති අතර රෝගකාරක බැක්ටීරියාව සහිත අදාළ සත්වයන්ගේ මුත්‍රා ජලයට එක්වීමෙන් පසු එය මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟිනි.