ඉන්දියාවේ අග්‍රාමාත්‍ය සහ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායක නරේන්ද්‍ර මෝඩි බහු අදියර ඉන්දීය මැතිවරණය අවසන් වීමට ආසන්නව තිබියදී තමා “පරමාත්ම”(දෙවියන්) විසින් තෝරාගෙන ඇති බව විශ්වාස කරන බව පවසා ඇත.“පරමත්ම (දෙවියන්) මාව එව්වේ අරමුණක් සඳහා බව මට විශ්වාසයි.දෙවියන්ගෙ අරමුණ ඉටු වූ පසු මගේ කාර්යය සම්පූර්ණ වනු ඇත. මේ නිසා මම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප වී සිටිමි, ”ඔහු පසුගිය 26 වන දා NDTV ප්රවෘත්ති නාලිකාවට පැවසීය.ජූනි 4 වනදා මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විට තුන්වන වරටත් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මෝඩි, ඔහුගේ බොහෝ වැඩ කිරීමට දෙවියන් තමාට මඟ පෙන්වූ බව ප්‍රකාශ කිරීම නවීන චින්තකයන්ගේ විමතියට හේතු වී තිබේ.මේ අතර ඉන්දීය කොන්ග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයකු මෙබඳු ප්‍රකාශයක් කළ හොත් ඔහු මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවට පත් කිරීමට පවා ඉඩ ඇති බවකි.