මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්

පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් සහ ජ්‍යෙෂ්ඨ නිළියක වන හේමා මාලිනි යි.

37 හැවිරිදි කන්ගනා මැතිවරණයකට ඉදිරිපත් වූයේ පළමු වතාවටයි. මෙතෙක් නිළියක ලෙස ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ඇය ඉදිරියේ දී මන්ත්‍රීවරියක ලෙස ද ජනතාව අතරට එනු ඇත. අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ ප්‍රතිපත්තිවලට සහය දක්වන්නියක වන කන්ගනා මැතිවරණයට තරග කළේ ද ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය නියෝජනය කරමිනි.

හේමා මාලිනි තරුණ වියේ දී

කෙසේ හෝ වේවා, මැතිවරණයෙන් ජය ගැනීමෙන් දින දෙකකට පසු ඇය ලොකු අකරතැබ්බකට ද මුහුණ දුන්නාය. ඒ ගුවන් තොටුපලක දී ඇයට ආරක්‍ෂක නිලධාරිනියකගෙන් කම්මුල් පහරක් එල්ල වීම නිසා ය. කන්ගනා ගේ මැතිවරණ ජයග්‍රහණයටත් වඩා මාධ්‍ය තුළ අවධානයක් දිනා ගත්තේ මෙම සිද්ධිය යි.

මෙම සිද්ධිය වූයේ චන්දිගාර් ගුවන් තොටුපලේ දී යි. මැතිවරණයෙන් පසු ඇය නව දිල්ලි නුවර බලා පැමිණෙනු පිණිස මෙම ගුවන් තොටුපට ගිය අතර ඉහත කී කම්මුල් පහර ඇයට එල්ල වූයේ එහි ආරක්‍ෂක දොරටුවක් මගීන් පරීක්‍ෂා කිරීමට සිටි නිලධාරිනියකගෙනි. කන්ගනාට පහර දුන් බව කියන කුල්වින්දර් කවුර් නමැති මෙම නිලධාරිනියගේ සේවය අත්හිටුවන ලද අතර ඇය අත්අඩංගුවට ගැනීමට ද නිලධාරීන් කටයුතු කර තිබිණි. නමුත් ඇතැමුන් ඇයගේ ක්‍රියාව අනුමත කර තිබෙනු ද දැකිය හැකි විය. මේ අතරින් සමහරුන් ඇයට තෑගි බෝග පිරිනැමීමට පවා පියවර ගෙන තිබිණි. මේ අතර සිනමා ක්‍ෂේත්‍රයේ ඇතැමුන් කන්ගනා වෙනුවෙන් අදහස් දක්වා තිබෙනු ද දක්නට ලැබිණි.

කන්ගනා කොහොමටත් ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රසිද්ධියක් උසුළයි. දේශපාලනය ගැන මෙන්ම සිනමාව ගැන ද, සිනමාවට සම්බන්ධ පුද්ගලයන් ගැන ද ඇය නිතර මෙවැනි ප්‍රකාශ කරනු දැකිය හැකි වේ. මේ නිසා ඇයට බොහෝ තරහකාරයන් ද සිටින බව පෙනේ. ඇයට පහර දීම අනුමත කරන අය සිටීමෙන් පෙන්නුම් කරන්නේ එය යි.

ඉහත කී නිලධාරිනිය කන්ගනාට පහර දී තිබුණේ 2020 වසරේ වූ සිද්ධියකට පලි ගැනීමක් වශයෙන් බව පෙනේ. එම වසරේ ඉන්දියාවේ ගොවි ජනතාව මෝදි රජයේ ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. මෙම අවස්ථාවේ කන්ගනා මෙම විරෝධතා දැක්වූ ගොවීන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය පිටුවල සටහන් කර තිබුණාය. එක් අවස්ථාවක ඇය සඳහන් කර තිබුණේ සමහරුන් රුපියල් 100 ක් වැනි මුදලකටත් මෙම විරෝධතාවලට එක් වන බවයි. මේ විරෝධතා දක්වන්නේ ගොවීන් නොව ත්‍රස්තවාදීන් බවක් ද ඇය තවත් අවස්ථාවක පවසා තිබුණාය. කෙසේ නමුත් ඇයගේ මෙම ප්‍රකාශවලට එරෙහිව විරෝධතා නැග එද්දී ඇය එම පෝස්ටු ඉවත් කර ගත්තාය.

කන්ගනා රනවුත්

ඇයට කම්මුල් පහර එල්ල කළ බව කියන නිලධාරිනිය ද ගොවි පවුලක කෙනෙකු බව සඳහන් වේ. ඇයගේ සොහොයුරා ගොවියකු බව ද, ඇගේ මව ද ඉහත කී විරෝධතාවලට සහභාගි වී සිටි බව ද මාධ්‍ය සඳහන් කර තිබිණි.

කන්ගනා මැතිවරණයෙන් නම් විශිෂ්ට ජයක් හිමි කරගත්තාය. ඇය මැතිවරණයට ඉදිරිපත් වූයේ ඇගේ උපන් ප්‍රෙද්ශයෙන් වීම ද විශේෂත්වයකි. කන්ගනා තරග කළේ උතුරු ඉන්දියාවේ හිමාල අඩවියේ පිහිටි හිමාචල් ප්‍රදේශ් නැමැති ප්‍රාන්තයේ මන්ඩි නැමැති ආසනයෙනි. ඇය වැඩි ඡන්ද 74,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් එම අසුන ජය ගත්තාය. මුල් වරට මැතිවරණයකට ඉදිරිපත් වූ ඇය මෙම ජයග්‍රහණය හිමි කරගත්තේ ඉතා ප්‍රබල අපේක්‍ෂකයකු පරාජය කරමිනි.

කන්ගනා කොහොමටත් ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රසිද්ධියක් උසුළයි. දේශපාලනය ගැන මෙන්ම සිනමාව ගැන ද, සිනමාවට සම්බන්ධ පුද්ගලයන් ගැන ද ඇය නිතර මෙවැනි ප්‍රකාශ කරනු දැකිය හැකි වේ. මේ නිසා ඇයට බොහෝ තරහකාරයන් ද සිටින බව පෙනේ. ඇයට පහර දීම අනුමත කරන අය සිටීමෙන් පෙන්නුම් කරන්නේ එය යි.

හේමා මාලිනි සහ ධර්මේන්‍ද්‍ර

කෙසේ හෝ වේවා, කන්ගනා මැතිවරණයෙන් නම් විශිෂ්ට ජයක් හිමි කරගත්තාය. ඇය මැතිවරණයට ඉදිරිපත් වූයේ ඇගේ උපන් ප්‍රෙද්ශයෙන් වීම ද විශේෂත්වයකි. කන්ගනා තරග කළේ උතුරු ඉන්දියාවේ හිමාල අඩවියේ පිහිටි හිමාචල් ප්‍රදේශ් නැමැති ප්‍රාන්තයේ මන්ඩි නැමැති ආසනයෙනි. ඇය වැඩි ඡන්ද 74,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් එම අසුන ජය ගත්තාය. මුල් වරට මැතිවරණයකට ඉදිරිපත් වූ ඇය මෙම ජයග්‍රහණය හිමි කරගත්තේ ඉතා ප්‍රබල අපේක්‍ෂකයකු පරාජය කරමිනි. වික්‍රමාදිත්‍ය සිං නැමැති ඔහු තරග කළේ ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය නියෝජනය කරමිනි. ඔහුගේ පියා සය වතාවක් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය දැරූ නායකයෙකි.

කන්ගනාට අමතරව මෙවර මැතිවරණයට තරග කළ හේමා මාලිනි ද අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තාය. ඇය ද තරග කළේ භාරතීය ජනතා පක්‍ෂයෙන්ම ය. මේ වනවිට 75 වැනි වියේ පසුවන හේමා මාලිනි මෙයට පෙර ද ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වූවාය. මෙවර ඇය තරග කළේ තුන්වැනි වතාවටයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මතුරා නැමැති ආසනයෙන් තරග කළ ඇය ජයගෙන තිබුණේ ලක්‍ෂ තුනකට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි.

හේමා මාලිනි නවසිය හැත්තෑව අසූව දශකවල අතිශයින් ජනප්‍රිය නිළියක වූවාය. ඇය ගේ සැමියා වන්නේ තවත් ජනප්‍රිය නළුවකු වූ ධර්මේන්‍ද්‍ර ය. ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1980 වසරේ යි. මේ වනවිට ධර්මේන්‍ද්‍රගේ වයස අවුරුදු 88 කි.

නිහාල් පීරිස්

රසගඟුල