මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේදී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

කාලීන පුවත්