මැතිවරණ නිසා සමහරුන්ගේ මොළේ අවුල් වෙන කතා ඇත්ත! ඇමරිකානු විශේෂඥ මතයකින් තහවුරු වෙයි

ජනාධිපතිවරණයක් ළඟ ළඟම උදාවෙමින් පවතී. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් ආසන්න වෙද්දී ඇතැම් පුද්ගලයන්ගේ මානසිකත්වයෙන් වෙනස් වීම් සිදුවනු පෙනෙන්නට තිබේ. “ඡන්ද වැඩ කරලම අර මනුස්සයාගේ ඔළුව නරක් වෙලා” යනුවෙන් පවසනු අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. හුදෙක් කට වචනයට පවසන දෙයක් වුව ද මෙහි විද්‍යාත්මක පසුබිමක් තිබේ.  ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ රොචෙස්ටර් නගරයේ පිහිටා ඇති ලාභ නොලබන, ලොව වඩාත්ම ගෞරවනීය සහ පිළිගත් සෞඛ්‍ය සේවා ආයතනවලින් එකක් මෙන්ම, ඇමරිකානු ශාස්ත්‍රීය වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා, පර්යේෂණ සහ අධ්‍යාපනය සැපයීම සඳහා ප්‍රකට Mayo Clinic ආයතනය මේ පිළිබඳ පර්යේෂණ පවත්වා ඇති අතර එයින් පැහැදිලි වී ඇත්තේ එය ශ්‍රී ලංකාව වැනි දේශපාලන සාක්ෂරතාවෙන් අඩු රටවල පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල ද එකසේ සිදු වන බවය. ඔවුන් මෙය හඳුන්වා ඇත්තේ ‘මැතිවරණ ආතති ආබාධය’ (Election Stress Disorder – ESD) නමිනි.

කෙළවරක් නොමැතිව ඇසෙන ප්‍රවෘත්ති, මතවාද, වාද විවාද, දේශපාලන සාකච්ඡා ආදිය නිසා මිනිසුන්ගේ සිත මහත් කැලඹීමකට ලක් වෙයි. මැතිවරණ කාලවල දී මිනිසුන් අත්දකින මේ මනෝවිද්‍යාත්මක ආතති ස්වභාවය හැඳින්වීම සඳහා ESD යන්න භාවිත කෙරේ. මෙය නිල වශයෙන් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක විනිශ්චයක් නොවන අතර දැඩි දේශපාලන වාතාවරණයක් පවතින සමයේ ඇති වන සැබෑ සංසිද්ධිය පිළිබිඹු කිරීමට මෙය භාවිත වේ. නමුත් මැතිවරණ ආතති ආබාධය සැබෑවකි. ඒ පිළිබඳ කතා කළ යුත්තේ එබැවිනි.

මායෝ ක්ලිනික් මූලස්ථානය

කෙළවරක් නොමැතිව ඇසෙන ප්‍රවෘත්ති, මතවාද, වාද විවාද, දේශපාලන සාකච්ඡා ආදිය නිසා මිනිසුන්ගේ සිත මහත් කැලඹීමකට ලක් වෙයි. මැතිවරණ කාලවල දී මිනිසුන් අත්දකින මේ මනෝවිද්‍යාත්මක ආතති ස්වභාවය හැඳින්වීම සඳහා ESD යන්න භාවිත කෙරේ. මෙය නිල වශයෙන් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක විනිශ්චයක් නොවන අතර දැඩි දේශපාලන වාතාවරණයක් පවතින සමයේ ඇති වන සැබෑ සංසිද්ධිය පිළිබිඹු කිරීමට මෙය භාවිත වේ. නමුත් මැතිවරණ ආතති ආබාධය සැබෑවකි. ඒ පිළිබඳ කතා කළ යුත්තේ එබැවිනි. මායෝ ක්ලිනික් ආයතනයේ වෛද්‍ය රොබට් බ්‍රයිට් පවසන්නේ මෙය සැබෑ වෛද්‍ය විනිශ්චයක් නොවුනත් මිනිසුන් කෙරෙන් විවිධාකාරයෙන් මෙය විද්‍යමාන වන බවය.  මෙය 2026 වසරේ එක්සත් ජනපදයේ කැපී පෙනෙන සේ දක්නට ලැබුණු ආතති සම්බන්ධ ගැටලුකාරී තත්ත්වය වෛද්‍ය ස්ටීවන් ස්ටොන්සි විසින් ද නිරීක්ෂණය කරන ලදී. මැතිවරණ සමයේ දී බොහෝ දෙනෙකුට මාධ්‍ය ඔස්සේ ලැබෙන මැතිවරණ සම්බන්ධ කාරණා නිසා කාංසාව, නොඉසිලිමත් බව, නින්ද නොයාම සහ අසරණභාවය වැනි ලක්ෂණ පෙනෙන්නට තිබිණි.

“අපට ඒක අපේ සිරුරෙන් දැනෙනවා. උරහිස්වල ආතතියක් ඇති බව දැනෙනවා. මිනිසුන්ට යටිබඩේ වේදනාව මෙන්ම හිසරදය ද ඇති වන බව පෙනෙන්නට තිබෙනවා. නිදා ගැනීමේ ගැටලු ඇති වෙනවා. ඒවගේම මැතිවරණය පිළිබඳ භයානක සිහින පෙනෙන බව පැවසූ අයත් ඉන්නවා.” වෛද්‍ය බ්‍රයිට් පවසයි. මේ තත්ත්වය උත්සන්න වෙද්දී ඇතැම් පුද්ගලයන් තුළ සමාජ මාධ්‍යවල ඇති මැතිවරණය සම්බන්ධ ප්‍රවෘත්ති ආදිය සොයා යාමේ ප්‍රවණතාවක් ඇති වෙන බව පෙනෙයි. ජනමාධ්‍ය තුළ මැතිවරණය සම්බන්ධව ප්‍රචාරය වන දැන්වීම් නිසා බොහෝ දෙනෙක් කලබලයට පත් වෙති.

 

වෛද්‍ය ස්ටීවන් ස්ටොන්සි

මෙය ‘මානසික රෝග සම්බන්ධ විනිශ්ච සහ සංඛ්‍යාදත්ත අත්පොතෙහි’ (Diagnostic and Statistical Manual of Mental Disorders) විධිමත් ලෙස පිළිගෙන නොමැති තත්ත්වයක් වුවද, යම් පුද්ගලයෙක් සිය ජීවිතයේ දී අත්විඳින පුද්ගලික පාඩු සහ රැකියා අහිමිවීම් වැනි තත්ත්වයන්වලදී ප්‍රකට වන මානසික ලක්ෂණ හා සමාන තත්ත්වයක් පෙන්නුම් කරන බව දක්නට ලැබේ. ඇතිවිය හැකි දේශපාලන වටපිටාව තුළ පුද්ගලික අයිතිවාසිකම්වල සිට ආර්ථික කාරණා ද, සමාජ සාධාරණත්වය වැනි ගැටලු නිසා ද මෙවැනි තත්ත්වයක් ඇති වන බව පෙනී ගොස් ඇත. එමෙන්ම වෙනස් වන දේශපාලන වාතාවරණය තුළින් ඇති විය හැකි අවිනිශ්චිතතාවයන් පිළිබඳ කල්පනා කිරීම නිසා ද මෙවැනි මානසික ආතති තත්ත්වයන් ඇති වේ.

“අපට ඒක අපේ සිරුරෙන් දැනෙනවා. උරහිස්වල ආතතියක් ඇති බව දැනෙනවා. මිනිසුන්ට යටිබඩේ වේදනාව මෙන්ම හිසරදය ද ඇති වන බව පෙනෙන්නට තිබෙනවා. නිදා ගැනීමේ ගැටලු ඇති වෙනවා. ඒවගේම මැතිවරණය පිළිබඳ භයානක සිහින පෙනෙන බව පැවසූ අයත් ඉන්නවා.” වෛද්‍ය බ්‍රයිට් පවසයි. මේ තත්ත්වය උත්සන්න වෙද්දී ඇතැම් පුද්ගලයන් තුළ සමාජ මාධ්‍යවල ඇති මැතිවරණය සම්බන්ධ ප්‍රවෘත්ති ආදිය සොයා යාමේ ප්‍රවණතාවක් ඇති වෙන බව පෙනෙයි. ජනමාධ්‍ය තුළ මැතිවරණය සම්බන්ධව ප්‍රචාරය වන දැන්වීම් නිසා බොහෝ දෙනෙක් කලබලයට පත් වෙති.

වෛද්‍ය රොබට් බ්‍රයිට්

“ඔබ මේ පුද්ගලයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හොත් ඉතාම භයානක දෙයක් සිදුවන්නට නියමිතයි.” වැනි දැන්වීම් ජනමාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වෙයි. මෙතෙක් කල් ලැබුණු සහනාධාර, ඉදිරියේ දී වැඩි වන්නට නියමිත වැටුප් වැනි දෑ වෙනත් අයෙක් බලයට පැමිණියහොත් අහිමි වී යන බවට මේ දැන්වීම් මගින් කියවෙන විට, ESD තත්ත්වයට පත් වූවන් තුළ භීතියක් ඇති වෙයි. මේ භීතිය ආතතිමය තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (American Psychological Association- APA) විසින් 2020 වසරේ දී කරන ලද සමීක්ෂණයකට අනුව ඇමරිකානු වැඩිහිටියන්ගේ තුනෙන් දෙකකටත් වඩා මැතිවරණය නිසා මානසික ආතතියකට ලක්වී ඇති බව සොයා ගැනීමට හැකි විය. එමෙන්ම වෙනත් හේතු නිසා සහ ප්‍රවේණිගත රෝග නිසා ඇති වන මානසික ආතතිය ද මේ තත්ත්වයේ දී ඉහළ යන බව ද දක්නට ලැබිණි.

ඇතිවන ආතති මට්ටම මානසික සහ ශාරීරික සෞඛ්‍යය කෙරෙහි බරපතළ බලපෑම් ඇති කරයි. මේවා අධික රුධිර පීඩනය, හෘද රෝග, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වන්නට හේතු වන බව ද දක්නට ලැබේ.

අපේ රටේ ද මේ වන විට මැතිවරණ වාතාවරණයක් ඇති වී තිබෙන බැවින් බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ගොදුරු වන්නට ඉඩ තිබේ. අප රටේ මේ සම්බන්ධව මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා ගත හැකි ස්ථාන පිළිබඳ දැනුවත්වීමක් නැතත්, මේ සම්බන්ධව අවබෝධයෙන් සිටීමෙන් ඔබට මෙන්ම ඔබේ හිතවතුන් ද එයින් ගලවා ගන්නට ඔබට යම් පියවරක් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තමා මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා යැයි යමෙක්ට වැටහෙනවා නම් හෝ වෛද්‍ය උපදෙස්වලින් තහවුරු වූයේ නම්, එවැනි පුද්ගලයන්ට මාධ්‍ය භාවිතය අවම කරන්නට උපදෙස් ලබා දේ. එමෙන්ම නෑදෑ හිතමිතුරන් වැනි සමාජ සම්බන්ධතා වැඩි වශයෙන් වර්ධනය කරගන්නැයි ද උපදෙස් ලබා දේ.

අපේ රටේ ද මේ වන විට මැතිවරණ වාතාවරණයක් ඇති වී තිබෙන බැවින් බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ගොදුරු වන්නට ඉඩ තිබේ. අප රටේ මේ සම්බන්ධව මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා ගත හැකි ස්ථාන පිළිබඳ දැනුවත්වීමක් නැතත්, මේ සම්බන්ධව අවබෝධයෙන් සිටීමෙන් ඔබට මෙන්ම ඔබේ හිතවතුන් ද එයින් ගලවා ගන්නට ඔබට යම් පියවරක් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර