ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ඇත.එහෙත්, අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සදහා අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබේ.මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතය.මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතය.