2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඊයේ (22) දිනයේදී මැතිවරණයට අදාලව අපරාධමය පැමිණිලි 02ක් ලැබී ඇති බවයි පැවසෙයි.
එහිදී මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට ගලකින් පහරදී ඇස් බැස්ටෝස් සෙවිළි තහඩුවකට අලාභ සිදු කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීමක් පිළිබඳවද පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරනු ලබයි.
තවද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාලව කළුතර පොලිස් කොට්ඨාසයේ බේරුවෙල පොලිස් වසමේ හෙට්ටිමුල්ල, මල් බොක්ක මාර්ගය ඇතුළු මාර්ග පිලිසකර කරන බවට පැමිණිල්ලක් ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම පිලිසකර කිරීමේ කටයුතු බේරුවල ප්‍රදේශීය සභාව මඟින් සිදු කරන බවට අනාවරණය වී ඇති අතර, බේරුවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.