මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, ලබන 27 සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බවයි.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වේ.
කෙසේ වෙතත් එම පනත සම්මත වීමෙන් පසු, එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැත.
ඒ හේතුවෙන් අදාළ පනතේ විධි විධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම හමුව කැඳවන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්රකාශ කරයි.