මැති­ව­රණ සමයේ ආර­ක්ෂාව තහ­වුරු කරන්න – ආර­ක්ෂක රාජ්‍ය ඇමැ­ති­

මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා විසින් ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කර ඇති බැවින් එම කාලය තුළ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ගේ, පුර­වැ­සි­යන්ගේ මෙන්ම සමස්ත රටේම ආර­ක්ෂාව උප­රිම අයු­රින් තහ­වුරු කිරී­මට අවශ්‍ය සියලු පිය­වර ගන්නා ලෙස ආර­ක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ආර­ක්ෂක ප්‍රධා­නීන්ට ඊයේ (26) උප­දෙස් දී ඇත.

ආර­ක්ෂක කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශ­යීය උප­දේ­ශක කාරක සභාව (26) පෙර­ව­රුවේ පාර්ලි­මේ­න්තු­වේදී රැස්වූ අව­ස්ථා­වේදී ආර­ක්ෂක රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා විසින් මෙලෙස උප­දෙස් දී ඇත. ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානි ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමු­දා­ධි­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමු­දාවේ ඉහළ පෙළේ නිල­ධා­රීන් පිරි­සක් මෙන්ම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සහ ඒ යටතේ ඇති ආය­තන ප්‍රධා­නීන්ද මේ කාරක සභා රැස්වී­මට කැඳවා තිබිණි.

කාලීන පුවත්