ආණ්ඩුවේ මැති ඇමතිවරු 60කට අධික පිරිසක් පෞද්ගලික සංචාර වශයෙන් ඉදිරි දින කිහිපය තුළ විදේශගතවීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.මේ අතර ඇතැම් ඇමතිවරු විවිධ නිලකටයුතු සඳහා විදේශගත වන බව හඟවමින් මෙම සංචාරවල යෙදීමට සැලසුම් කොට ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.අද වනවිට රටේ විදේශ සංචිත විශාල වශයෙන් බිඳ වැටී අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය කන්ටේනර් 1500ක් පමණ වරායේ ගොඩගැසී තිබෙ ඇති පසුබිමක මෙලෙස විදේශ විනිමය වැය කිරීම් කෙරෙහි බොහෝ දෙනකුගේ අප්‍රසාදය පළ වෙමින් තිබේ. ජනාධිපති වරයා පසුගිය සතියේ දින දෙකක සිංගප්පූරු සංචාරයක් සඳහා පිටත්වූ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාසයක මහතා පමණ කාලයක් තම පුරවැසි බව හිමි ඇමරිකාවේ ගතකරන බව වාර්තා වී ඇත.