පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළඳාම් කටයුතු බාහිර පුද්ගලයන්ට වෙළඳකුටි ලබාදීමට විරෝධය පළ කරමින් එහි වෙළඳාම් වලින් ඉවත් ව හෙට( 26) විරෝධතාවයක් පැවැත්විමට එහි පොදු වෙළඳ සංගමය තීරණය කර තිබූ අතර උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයා විසින් අද (25) අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.මෙම විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහේස්ත්රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර තිබිණි. ඒ අනුව අදාළ නියෝගය නිකුත් කෙරුණේ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ට එරෙහිවය.මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (3) වගන්තිය යටතේ ක්රියාකිරීමට පොලිසියට හැකියාවක් තිබෙන බව ද එම නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්රහයේ 185 වන වගන්තිය ප්රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මහේස්ත්රාත් නියෝගයේ සඳහන් වේ.