මැයි නවය සිදුවීම් හා විද්වතුන්ගේ අවිශ්වාසය ගැන බන්දුල කී කතාව ඇමති මණ්ඩලයේ මතයක් නොවේ

“මැයි 09 වනදා ඇති වූ සිදුවීම් හේතුකොට ගෙන රටේ බොහෝ විද්වතුන්ට රට සම්බන්ධයෙන් අවිශ්වාසයක් සැකයක් ඇතිව තිබෙනවා.”යනුවෙන් පසුගිය අගෝස්තු 15 වන දින හෝ ඒ ආසන්න දිනයක පැවති රජයේ නිල කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩල තිරණයක් මත පදනම් වූ බවක් හෝ අමාත්‍ය මණ්ඩලයේ නිල ස්ථාවරය මත පදනම් වූවක් නොවන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවසා තිබේ. ඒ එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නිල ස්ථාවරය මත පදනම් වූවක්ද? නැතිනම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ප්‍රකාශයක්ද? යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසිනි. එහිදී අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවසා ඇත්තේ තම කාර්‍යාලය සතු තොරතුරු අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩල තිරණයක් මත පදනම් වූවක් හෝ අමාත්‍ය මණ්ඩලයේ නිල ස්ථාවරය මත පදනම් වූවක් ලෙස නිරීක්ෂණය නොවන වන බවකි.

කාලීන පුවත්