තමන් පිළිබඳව අනාවරණය නොවූ කරුණු දැන ගැනීම සම්බන්ධයෙන් මිනිසා තුළ පවතින ස්වභාවික කුතුහලය, සහජතාව (Instinct) මත බැඳී පවතින්නකි. ඒ අතුරින් මිනිසා තුළ අතිශය කුතුහලය පුබුදුවන කරුණක් වනුයේ යමකුට තමන් ගේ මරණය සිදුවන දිනය කලින් දැන ගත හැකිද? යන්න ය.නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවසා ඇති අන්දමට Thanatos නමින් හැඳින්වෙන මේ හා සම්බන්ධ මනෝ මූලය Death drive ලෙස ද සාමාන්‍ය ව්‍යවහාරයේ දී විස්තර කෙරේ.
අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ජ්‍යොතිර්වේදය මගින් ද යමකු ගේ මරණය සිදුවන කාලවකවානු නිශ්චිතව පැවසිය හැකිය යන ජන විශ්වාසයක් තිබේ. එහෙත්, එය විධිමත් සමීක්ෂණයක ස්වරූපයෙන් මෙතෙක් එහි සත්‍යතාව තහවුරු වී නැත. නමුත් විද්‍යාත්මක සිද්ධාන්ත මත පිහිටා කටයුතු කරන කිසිවකුත් ඉහත සඳහන් අන්දමේ දෛවය, මරණය ආදී දේ ප්‍රායෝගික යථාර්ථයක් සේ නොපිළිගනිති.
මිනිසුන් ගේ මරණ දිනය නිශ්චිතව පැවසිය හැකි ගුප්ත ශාස්ත්‍ර වල ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරයේ දුරාතීතය තෙක් දිව යන්නකි. පෙර අපරදිග ආදී වශයෙන් හැඳින්වෙන එබඳු ගුප්ත ශාස්ත්‍ර ගණනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතැයි සැළකේ. අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ජ්‍යොතිර්වේදය මගින් ද යමකු ගේ මරණය සිදුවන කාලවකවානු නිශ්චිතව පැවසිය හැකිය යන ජන විශ්වාසයක් තිබේ. එහෙත්, එය විධිමත් සමීක්ෂණයක ස්වරූපයෙන් මෙතෙක් එහි සත්‍යතාව තහවුරු වී නැත.
නමුත් විද්‍යාත්මක සිද්ධාන්ත මත පිහිටා කටයුතු කරන කිසිවකුත් ඉහත සඳහන් අන්දමේ දෛවය, මරණය ආදී දේ ප්‍රායෝගික යථාර්ථයක් සේ නොපිළිගනිති. අද ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ බොහෝ දෙනකු නොදැන සිටිය ද දෛවය ඉරණම ආදී නියතිවාදී සංකල්ප මූලික බුදු සමයෙන් ද ඉඳුරාම ප්‍රතික්ෂේප කෙරේ. එහි පැවසෙනුයේ යමකු ගේ අනාගතය යම් න්‍යායකට අනුව සැළසුම් වූවක් නොව පවත්නා තත්වය (ඉපච්චයතා) මත සැකසෙන්නක් බව ය. ඒ අනුව එම මූලික බෞද්ධ ඉගැන්වීම සහ විද්‍යාත්මක චින්තනය එක සමාන ය. නමුත් මූලික බුදු සමයෙන් වේගයෙන් ඉදිරියට ඇදෙන පූජා චාරිත්‍ර මත පදනම් වන “ජනප්‍රිය බුද්ධාගමේ” එල්බ ගත් නූතන සමාජය විසින් එම මූලික බුදු දහමේ සැබෑ හරය ඉතා අකාරුණික ලෙස නොතකා හැර තිබේ. එහෙත්, මිනිසකු ගේ මරණ දිනය පිළිබඳ ඉන් පෙර විද්‍යාත්මකව පැවසිය නොහැකිය යන අදහස මේ වන විට ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. ඒ කෘත්‍රිම බුද්ධියට (Artificial Intelligence-AI ) පින්සිදු වන්නටය.
life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව 2023 දෙසැම්බර් 18 වන දා Nature Computational Science සඟරාව වාර්තා කරයි.ඇල්ගොරිතම(Algorithm ) ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ (AI) නවතම භාවිතය වන චට්බොට් ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එහි සඳහන් කර තිබේ.
යමකු කෙනකු මිය යන දිනය නිශ්චිතවම පැවසිය හැකි ගණිතමය පද්ධතියක් අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් ව තිබේ.කෘත්‍රිම බුද්ධිමය උපාංගයක් ලෙස ලෙස නිමවා ඇති life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව 2023 දෙසැම්බර් 18 වන දා Nature Computational Science සඟරාව වාර්තා කරයි.ඇල්ගොරිතම(Algorithm ) ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ (AI) නවතම භාවිතය වන චට්බොට් ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එහි සඳහන් කර තිබේ.ඇල්ගොරිතමයක් යනු පරිගණක දෘඪාංග හෝ මෘදුකාංග මත පදනම් ගැටළුවක් විසඳීමට හෝ ගණනය කිරීමක් සිදු කිරීමට භාවිතා කරන සංඛ්‍යාත්මක ක්‍රියා පටිපාටියකි.
ඩෙන්මාර්කයේ ක්‍රියාත්මක පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ නීතියට අනුව life2vec මෙවලම ප්‍රසිද්ධ කිරීම පිණිස සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ. තත්ත්වය මෙසේ තිබියදී මිනිසාගේ සෞඛ්‍ය තත්වය මත පදනම්ව ආයු කාලය සම්බන්ධ විද්‍යාත්මක අනුමානයකට එළැඹීමක් මේ දක්වා ද සිදුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන නියාමනයනට පවා ඇතුලත් වන එය යමකු ගේ කායික මානසික සෞඛ්‍ය තත්ත්වය ජීවන රටාව ආදිය මුල්කොට අවදානම් අනාවැකි සටහනක් (Risk Prediction Chart ) සැකසීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබේ.
එම මාදිලියට 2008 සිට 2016 දක්වා වසර 8 ක් තුළ පුද්ගලයන් අතිවිශාල දත්ත සංඛ්‍යාවකගේ දත්ත ඇතුළත් කරමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ, ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, බෝ නොවන රෝගාබාධ සේම ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම පද්ධතිය තුළ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බව ද වාර්තා වේ. කෘත්‍රිම බුද්ධිය යනු තමන් වෙත සන්නිවේදනය වන කරුණු මඟින් මිනිස් මොළයට නොදෙවැනි තාර්කිකව සිතීමට හැකි සහ පුහුණු කිරීමේ හැකියාව සහිත යාන්තික මෙවලම් පද්ධතියකි. Nature Computational Science සඟරාව වාර්තා කරන ආකාරයට මෙම තාක්ෂණය උපයෝගී කරගෙන කළ මෙම නිර්මාණය මගින් යම් කෙනකු මිය යන දිනය නිශ්චිතවම පැවසීමට හැකි බව ඩෙන්මාර්ක කාර්මික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනේ ලීමන් ප්‍රකාශ කොට තිබේ.එම පද්ධතිය මඟින් යමකුගේ මරණ දිනය පිළිබඳව නිගමනය කිරීම සඳහා 2008 ජනවාරි 1 වැනිදා සිට 2015 දෙසැම්බර් 31 වැනිදා තෙක් කාලසීමාව තුළ වයස අවුරුදු 35 ත් 65 ත් අතර ලක්ෂ 23 කගේ දත්ත ඇතුළත් කර ඇත. ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළු දත්ත එම මාදිලිය තුළට කවමින් මෙම පර්යේෂණය සිදු කොට ඇත.ඒ සම්බන්ධයෙන් මහාචාර්ය ලීමන් ප්‍රකාශ කොට ඇත්තේ පර්යේෂණ ප්‍රතිඵල අනුව සියයට 78ක ප්‍රමාණයකගේ මියයන නිශ්චිත දිනය පැවසීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණු බවකි.කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ ක්‍රියාත්මක පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ නීතියට අනුව life2vec මෙවලම ප්‍රසිද්ධ කිරීම පිණිස සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ. තත්ත්වය මෙසේ තිබියදී මිනිසාගේ සෞඛ්‍ය තත්වය මත පදනම්ව ආයු කාලය සම්බන්ධ විද්‍යාත්මක අනුමානයකට එළැඹීමක් මේ දක්වා ද සිදුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන නියාමනයනට පවා ඇතුලත් වන එය යමකු ගේ කායික මානසික සෞඛ්‍ය තත්ත්වය ජීවන රටාව ආදිය මුල්කොට අවදානම් අනාවැකි සටහනක් (Risk Prediction Chart ) සැකසීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබේ. මෙම ප්‍රස්ථාරය පෙන්නුම් කරන්නේ හෘදයාබාධ හෝ ආඝාතය,වැනි මාරාන්තික හෝ මාරාන්තික නොවන ප්‍රධාන හෘද වාහිනී සිදුවීමක වසර 10ක අවදානමය. වයස, ලිංගිකත්වය, රුධිර පීඩනය, දුම්පානය අනුව තත්ත්වය, සම්පූර්ණ රුධිර කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ඇතිවීම හෝ නොමැති වීම මෙහි දී විශ්ලේෂණය කෙරේ. එම තොරතුරු විශ්ලේෂණය කොට ඒ පුද්ගලයා රෝගී වීමට ඇති සම්භාවිතාව විද්‍යාත්මක පදනම යටතේ විස්තර කෙරෙනු ඇත.
විශේෂයෙන් හෘදයාබාධ ආඝාත ආදිය වැළදීම පිණිස යමකු තුළ පවත්නා නැඹුරුව සම්බන්ධ විද්‍යාත්මක අවදානම් තක්සේරුවක් ද (Risk Assessment) කළ හැකි මුත් කිසිසේත්ම එය වුව ද නියතයක් ලෙස සළකනු නොලැබේ.ඒ සඳහා යොදා ගැනෙනුයේ සම්භාවිතාව පිළිබඳ න්‍යාය( Probability Theory )පමණි. ඒ අනුව, එම සම්මත ක්‍රමය සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් භාවිතා කෙරෙන මෙම නවීන මාදිලිය අතරේ පැහැදිලි වෙනස්කමක් තිබේ. එනම් මෙම කෘත්‍රිම බුද්ධිමය මෙවලම මගින් යමකු ගේ මරණ දිනය විශ්ලේෂණය කිරීමේදී ඒ සඳහා ඒ පුද්ගලයාගේ ජෛවමය දත්ත සහ මේ වන විට එම පද්ධතිය තුළ ගොනු වී ඇති පැරණි දත්ත සන්සන්දනාත්මක විශ්ලේෂණයකට බඳුන් කිරීම ය. එය එක්තරා අන්දමක පුර්වාදර්ශ මුල්කොට ගත් ක්‍රියාවලියකි.එම දත්ත ප්‍රමාණය ඉහළ නැංවෙන තරමට එහි විශ්වාසවන්ත බව ද ඉහළ නැංවෙනු ඇත. පොදුවේ ගත් විට වර්තමාන ඩිජිටල් යුගයේ AI තාක්‍ෂණය කැපී පෙනෙන දියුණුවක් ලබා ඇති බව නොරහසකි.ඒ අතුරින් පොදු ජන අවධානය ආකර්ෂණය කර ගන්නා කුතුහලය දනවන යෙදුම්වලින් එකක් වන්නේ AI මරණ කැල්කියුලේටරයයි( Death Calculator ).මේ වන විට විවිධාකාර ලෙසින් එළි දක්වා ඇති මෙම නව්‍ය මෙවලම ඔබේ වර්තමාන ජීවන රටා දත්ත මත පදනම්ව ඔබේ ආයු අපේක්ෂාව හෝ විභව ආයු කාලය තක්සේරු කිරීමට කෘතිම බුද්ධියේ බලය යොදා ගනී.
මෙම කැල්කියුලේටරය එහි ගණනය කිරීම් සඳහා ගුප්ත ශාස්ත්‍ර වල දී මෙන් කිසිවකුටත් වටහා ගත නොහැකි ක්‍රමයක් වෙනුවට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සපයන බැවින්, එහි විශ්වසනීයත්වය සහතික කරන බවක් බැලූ බැල්මටම පෙනෙයි. නමුත් එය බුද්ධිමත්ව පරිහරණය කිරීමේ වගකීම භාවිතා කරන්නා වෙත පැවරෙයි.එහි දී එම යෙදවුම මඟින් ලබා දී ඇති ප්‍රශ්නාවලියට අසන්නාගේ ගේ ජෛවමය තොරතුරු පිවිසුවාලිය යුතු ය. වයස, බර (කිලෝග්‍රෑම් වලින්), උස (සෙන්ටිමීටර වලින්),සේම දෛනික කැලරි ප්‍රමාණය සහ ව්‍යායාම මට්ටම ආදී තොරතුරු ගණනාවක් එහි දත්තයන් ලෙස ඇතුළත් කිරීමෙන් මෙම විමසුම ආරම්භ කළ හැක.
ඉහත සඳහන් අන්දමේ අනාවරණය වූ පර්යේෂණාත්මක පසුබිමක් නැතත් කිසිදු වියදමකින් තොරව මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ AI මරණ කැල්කියුලේටර සමඟ ඕනෑම කෙනකුට සම්බන්ධ විය හැකිය. ඒ අතර, එය ඔවුන්ගේ විභව ආයු කාලය ගැන කුතුහලයෙන් සිටින ඕනෑම කෙනෙකුට කිනම් හෝ හෝඩුවාවක් වනු ඇත.මෙම කැල්කියුලේටරය එහි ගණනය කිරීම් සඳහා ගුප්ත ශාස්ත්‍ර වල දී මෙන් කිසිවකුටත් වටහා ගත නොහැකි ක්‍රමයක් වෙනුවට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සපයන බැවින්, එහි විශ්වසනීයත්වය සහතික කරන බවක් බැලූ බැල්මටම පෙනෙයි. නමුත් එය බුද්ධිමත්ව පරිහරණය කිරීමේ වගකීම භාවිතා කරන්නා වෙත පැවරෙයි.එහි දී එම යෙදවුම මඟින් ලබා දී ඇති ප්‍රශ්නාවලියට අසන්නාගේ ගේ ජෛවමය තොරතුරු පිවිසුවාලිය යුතු ය. වයස, බර (කිලෝග්‍රෑම් වලින්), උස (සෙන්ටිමීටර වලින්),සේම දෛනික කැලරි ප්‍රමාණය සහ ව්‍යායාම මට්ටම ආදී තොරතුරු ගණනාවක් එහි දත්තයන් ලෙස ඇතුළත් කිරීමෙන් මෙම විමසුම ආරම්භ කළ හැක.එවිට AI ඇල්ගොරිතම් ක්‍රමය ඔස්සේ එම පද්ධතිය සතු සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සහ වෛද්‍ය පර්යේෂණ සහ විමසන්නාගේ දත්ත සසඳා බැලෙනු ඇත.නමුත් AI මරණ කැල්කියුලේටර මඟින් සපයන ප්‍රතිඵල හුදෙක් ඇස්තමේන්තු මිස යමකුගේ ආයු කාලය පිළිබඳ නිශ්චිත අනාවැකි නොවන බව මතක තබා ගත යුතුය.මෙම මෙවලම සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳ ඔබේ අවබෝධය වැඩි කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා ගැලපීම් දිරිගැන්වීම පිණිස යොදා ගත හැක.
නමුදු මෙම තොරතුරු මත පදනම් ව ලොව පුරා රක්ෂණ සමාගම් කෙටි හා දිගු කල් ජීවත් වන්නවුන් වර්ගීකරණය කිරීමේ ක්‍රමයක් වත් තවම අරඹා නැත.ඔවුනට එසේ කළ හැකිනම් එය ඔවුන්ගේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හේතු වනු ඇතැයි මට සිතෙයි. AI තාක්ෂණය සතු මෙම හැකියාව මිනිසාගේ මොළය තුළ ස්ථාපිත වී නොමැති බව පොදු පිළිගැනීම ය.එහෙත් ඉතා කලාතුරකින් කෙනකුගේ මොළයේ ව්‍යුහය තුළ මෙම කරුණු හා දත්තයන් ගබඩා වීමෙන් අනාගතය සම්බන්ධ යම් යම් අනුමානයන් කිරීමේ සුවිශේෂ හැකියාවක් තිබේ.උගත් නූගත් ආදී භෙදයකින් තොරව වැඩිහිටි වියේ දී ඉතා අහඹු ලෙස ඇතිවන මෙම හැකියාව අනාවැකි මොළය(Predictive Brain )නමින් මෙතෙක් හඳුනාගෙන ඇති තත්වයට බෙහෙවින් අනුරූප වෙයි.මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නොමැති එය යමකුගේ වැඩිහිටි හා පැසුණු බව සමඟ ඇති වන ජීවිත පරිඥානය හා බද්ධ වූවක් ද නැතහොත් මොළයේ මෙතෙක් බහුලව එළි නොදැක්වෙන ඓන්ද්‍රීය ක්‍රියාවක් ද යන නිශ්චයක් අප තුළ ද නැත.සමාජයේ ඇතැම් කෙනකු කෙරෙන් ඉතා කලාතුරකින් දැකිය හැකි මෙම සුවිශේෂ බුද්ධිමය හැකියාව සම්බන්ධයෙන් අනාගතයේ මීට වඩා විධිමත් ලෙස කරුණු අනාවරණය වනු ඇත.එහෙත්, ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම කිවයුතු කරුණක් තිබේ.එනම් ඉහත සඳහන් කිසිවක් නූතන සමාජයේ ද බොහෝ දෙනකු කරන්නාක් මෙන් අපට නොපෙනෙන ගුප්ත බලවේග ගොඩට ඇද දැමීම වටිනා මිනිස් මොළයට කරන පරම නිගාවක් බව ය.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ