ගෙවී ගිය මාස කිහිපය සමස්ත ලෝකයටම අපල සමයක් බැව් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. මිනිසාගේ ක්‍රියාකාරකම් මෙන්ම ස්වාභාවික හේතූන් නිසා ද ලොව පුරා සිදු වූ සහ සිදු වෙමින් පවතින විනාශයන් අති මහත්ය. ඒ අතරේ ලෝකයට පරිබාහිරින් ද මේ වන විට තර්ජනයක් එල්ල වෙමින් පවතී. එසේ පවසන්නේ අභ්‍යවකාශ වස්තූන් ද මේ වන විට තර්ජනයක් වෙමින් පැවතීමය.
මෑතක දී සොයා ගනු ලැබූ 2024 YR4 ලෙස නම් කරන ලද, අඩි 190ක පමණ දිගකින් යුත් ග්‍රහකයක් මේ දිනවල ලෝක අවධානයට ලක්ව තිබේ. එයට හේතුව වන්නේ මෙය පෘථිවිය දෙසට පැමිණෙමින් තිබීම සහ පෘථිවිය හා ගැටීමේ 1.3% ක පමණ සම්භාවිතාවක් තිබේ යැයි ගණනය කරනු ලැබ තිබීමය.
‘පෘථිවි සමීප වස්තුවක්’ (near-Earth object – NEO) වන 2024 YR4 ග්‍රහකය වර්ග කොට ඇත්තේ ‘විනාශකාරී විය හැකි ග්‍රහකයක්’ (potentially hazardous asteroid – PHA) ලෙසිනි. PHA යනු පෘථිවියේ සිට යම්කිසි දුරක සිට පැමිණෙන සහ එය යම් විදියකින් පෘථිවිය හා ගැටුනහොත් සැලකිය යුතු හානියක් සිදු කළ හැකි ග්‍රහක වර්ගයකි. ‘ඇපලෝ සමූහය’ නමින් හඳුන්වනු ලබන ග්‍රහක පොකුරට අයත් 2024 YR4, කක්ෂ මාර්ගය පෘථිවි කක්ෂය හරහා වැටී තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වූ අනෙකුත් ග්‍රහක සේම මෙය ද පාෂාණ සහ පස්වලින් සෑදී තිබේ.
YR4 ග්‍රහකය උපත ලබා ඇත්තේ මිලියන ගණනක ග්‍රහක සූර්යයා වටා කක්ෂ ගතව පවතින අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ග්‍රහක වලල්ලේය. කාලයත් සමග, විශේෂයෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ වූ ආකර්ෂණය නිසා මේවායේ කක්ෂ මාර්ගය වෙනස් වී ඒවා සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයටම ගමන් කරයි. මේ අනුව ග්‍රහක වලල්ලේ උපන් YR4 එතැනින් මිදී පෘථිවිය අසලටම පැමිණ තිබේ.
ග්‍රහක නම් කරනු ලබන්නේ එය සොයා ගත් දිනය සහ පිළිවෙළ මත පදනම්ව ‘ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය’ (International Astronomical Union – IAU) මගිනි. අලුතින්ම සොයා ගන්නා ග්‍රහක නම් කිරීමේ සම්මුතියට අනුව මෙය නම් කොට තිබේ. මෙහි Y යනු සොයා ගත් වර්ෂය වන අතර R4 යනු එම කාල පරිච්ඡේදයේ එය සොයා ගනු ලැබු නිශ්චිත පිළිවෙළයි. එහි කක්ෂය නිවැරදි ලෙස නිර්ණය කර ගත් විට වඩාත් විධිමත් නාමයක් එයට ලබා දෙයි.
YR4 ග්‍රහකය උපත ලබා ඇත්තේ මිලියන ගණනක ග්‍රහක සූර්යයා වටා කක්ෂ ගතව පවතින අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ග්‍රහක වලල්ලේය. කාලයත් සමග, විශේෂයෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ වූ ආකර්ෂණය නිසා මේවායේ කක්ෂ මාර්ගය වෙනස් වී ඒවා සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයටම ගමන් කරයි. මේ අනුව ග්‍රහක වලල්ලේ උපන් YR4 එතැනින් මිදී පෘථිවිය අසලටම පැමිණ තිබේ.
මෙය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 1%ක් හෝ 1.3% ලෙස ඇතැම් ස්ථානවල සඳහන් වුව ද එය පෘථිවිය හා ගැටෙන බවට තවමත් නිල වශයෙන් පුරෝකථනය කොට නොමැත. එසේ වුවද තාරකා විද්‍යාඥයෝ මෙහි කක්ෂ මාර්ගය නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් සිටිති. මෙය PHA ලෙස වර්ග කොට තිබුණ ද, එහි ප්‍රමාණය සහ සමීපතාව සැලකිල්ලට ගතහොත් මෙය පෘථිවිය සමග ගැටීමේ හැකියාව ඉතාමත් අඩුය. කෙසේ නමුත් පෘථිවිය සමග ගැටීමේ හැකියාව එයින් මුළුමනින් ම බැහැර කෙරෙන්නේ නැත. ගුරුත්වාකර්ෂණය සහ අනෙකුත් සාධක හේතුවෙන් මෙහි ගමන් මාර්ගයේ සුළු හෝ වෙනසක් සිදුවීමේ ඉඩකඩ පවතී.
YR4 ග්‍රහකය යම්කිසි නිශ්චිත කාලයකට වරක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන අතර පෘථිවියට මෙතරම් සමීප වන අවස්ථාවන් ද වසර කිහිපයකට වරක් සිදු වේ. මෙය පෘථිවිය හා ගැටීමේ ඉඩක් පවතින්නේ නම් එය සිදු විය හැක්කේ 2032 දෙසැම්බර් මාසයේ දී යැයි ගණනය කොට තිබේ. මේ නිසා තාරකා විද්‍යාඥයෝ මෙහි ගමන් මාර්ගය පිළිබඳ නිරන්තර අවධානය යොමු කොට සිටිති. අඩි 190 ක් පමණ දිගකින් යුක්ත මෙය පෘථිවියෙන් ඩයිනොසෝරයන් වදවී යන්නට හේතුවූ ග්‍රහකය (එය කිලෝමීටර් 10 ක පමණ දිගකින් යුක්ත වූයේ යැයි ගණනය කොට තිබේ) තරම් විශාල නොවන බව පැවසේ. එබැවින් YR4 ග්‍රහකයෙන් සැලකිය යුතු තරම් හානියක් සිදු නොවනු ඇතැයි අනුමාන කොට තිබේ. යම් විදියකින් මෙය පෘථිවිය හා ගැටීමක් සිදුවුවහොත් එය කලාපීය හානියක් මිස ගෝලීය හානියක් නොවනු ඇත. එවැන්නක් යම් හෙයකින් සිදුවුවහොත්, TNT නමින් හඳුන්වන පුපුරණ ද්‍රව්‍යයේ මෙගාටොන් කිහිපයකින් සිදුවිය හැකි විනාශයක් සිදු වනු ඇතැයි ගණන් බලා තිබේ. මේ හේතුව නිසා පුළුල් ප්‍රදේශයක් පුරා ප්‍රබල කම්පන තරංග ඇදී යා හැකි බැවින් ගොඩනැගිලි සහ අනෙකුත් අපරව්‍යුහ පහසුකම්වලට හානි සිදු විය හැකිය. මෙය අධික වේගයකින් පෘථිවිය හා ගැටීම නිසා මහත් තාපයක් ඉපදී ගින්නක් ඇති වන්නට පුළුවන. යම් හෙයකින් මුහුදට පතිත වුවහොත් සුනාමි තත්ත්වයක් ඇති වී වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි හානියක් සිදු විය හැකිය. දැවැන්ත ග්‍රහකයක ඝට්ටනයක් නිසා ඇති විය හැකි තරම් හානියක් සිදු නොවුන ද එමගින් දූවිලි සහ සුන්බුන් වායුගෝලයට එක් විය හැකි අතර එය ගෝලීය දේශගුණය කෙරෙහි තාවකාලික බලපෑමක් ද ඇති කළ හැකිය.
පෘථිවියට හානි කළ හැකි ග්‍රහකවල ගමන් මාර්ගය වෙනස් කිරීම හෝ විනාශ කිරීම සඳහා වූ උපක්‍රම පිළිබඳ විද්‍යාඥයෝ සහ අභ්‍යවකාශ නියෝජිතායතන පර්යේෂණ පවත්වමින් සිටිති. එම ක්‍රම අතරින් එකක් වන්නේ එය කරා අභ්‍යවකාශ යානයක් පිටත් කර එය සමග ගැටෙන්නට ඉඩ හැරීමය. එහිදී ග්‍රහකයේ ගමන මාර්ගය වෙනස් කළ හැකිය. එමෙන්ම මෙය ආසන්නයට අභ්‍යවකාශ යානයක් ගමන් කරවා එයින් ආකර්ෂණයක් ඇති කොට ග්‍රහකයේ ගමන් මාර්ගය වෙනස් කිරීම තවත් ක්‍රමයකි. ග්‍රහකය අසල හෝ එය මත න්‍යෂ්ටික පිපිරීමක් ඇති කොට එය කැබලි කරවා ගමන් මාර්ගය වෙනස් කිරීම තවත් ක්‍රමයක් වන අතර අධි බලැති ලේසර් කදම්භයක් එය මතට යොමු කොට එහි කොටස් වාෂ්ප කරවා තෙරපීමක් ඇති කොට ගමන් මාර්ගය වෙනස් කිරීම තවත් ක්‍රමයකි.
පෘථිවියට ග්‍රහකවල බලපෑම් බොහෝ අවස්ථාවල දී සිදුවී තිබේ. ඒ අතරින් එක් සුවිශේෂ සිදුවීමක් වන්නේ අදින් වසර මිලියන 66 කට පෙර සිදු වූ චික්ෂුලුබ් (Chicxulub) ඝට්ටනයයි. මේ ග්‍රහක ඝට්ටනය හේතුවෙන් ඩයිනොසෝරයන් ඇතුළුව පෘථිවි තලයේ සිටි ජීවි විශේෂ 75%ක් පමණ වැනසී ගිය බව පැවසේ. 1908 වසරේ සිදු වූ තුන්ගුස්කා සිදුවීම ද මතකයේ රැඳුණු තවත් එක් අවස්ථාවකි. සයිබීරියාව මත පතිත වූ කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් නිසා වර්ග කිලෝමීටර 2000 ක භූමි ප්‍රදේශයක් සමතලා වී ගියේය. එමෙන්ම ඉතාමත් මෑතක දී, එනම් 2013 වසරේ දී රුසියාව මත පතිත වූ ‘චෙලියාබින්ස්ක්’ නම් ග්‍රහකය නිසා දහසකට පමණ තුවාල සිදු වූ අතර විශාල ප්‍රදේශයකට හානි සිදු විය.
මේ සෑම ක්‍රමයක්ම තවමත් අත්හදා බැලීමේ මට්ටම්වල පැවතුන ද අනාගතයේ සිදු විය හැකි ග්‍රහක තර්ජනවලින් මිදීම සඳහා යම් අපේක්ෂාවක් මේ ක්‍රම තුළ ගැබ්ව තිබේ.
මෙයට පෙර ද පෘථිවියට ග්‍රහකවල බලපෑම් බොහෝ අවස්ථාවල දී සිදුවී තිබේ. ඒ අතරින් එක් සුවිශේෂ සිදුවීමක් වන්නේ අදින් වසර මිලියන 66 කට පෙර සිදු වූ චික්ෂුලුබ් (Chicxulub) ඝට්ටනයයි. මේ ග්‍රහක ඝට්ටනය හේතුවෙන් ඩයිනොසෝරයන් ඇතුළුව පෘථිවි තලයේ සිටි ජීවි විශේෂ 75%ක් පමණ වැනසී ගිය බව පැවසේ. 1908 වසරේ සිදු වූ තුන්ගුස්කා සිදුවීම ද මතකයේ රැඳුණු තවත් එක් අවස්ථාවකි. සයිබීරියාව මත පතිත වූ කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් නිසා වර්ග කිලෝමීටර 2000 ක භූමි ප්‍රදේශයක් සමතලා වී ගියේය. එමෙන්ම ඉතාමත් මෑතක දී, එනම් 2013 වසරේ දී රුසියාව මත පතිත වූ ‘චෙලියාබින්ස්ක්’ නම් ග්‍රහකය නිසා දහසකට පමණ තුවාල සිදු වූ අතර විශාල ප්‍රදේශයකට හානි සිදු විය.
මේ සිදුවීම්වලින් පෙනෙන්නේ ග්‍රහකයක් නිසා කෙතරම් හානියක් සිදු විය හැකි ද යන්න සහ පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් කෙරෙහි නිරතුරු අවධානයකින් පසු වීමේ වැදගත්කමය.
2024 YR4 ග්‍රහකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ගතික මෙන්ම හානිකර ස්වභාවය අපට සිහිපත් කරවයි. මෙය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පැවතිය ද, එවැන්නක් සිදුවුවහොත් එයින් සිදු විය හැකි හානි සහ ඒවායේ ප්‍රබලත්වය කෙතරම් වනු ඇති දැයි සොයා බැලීම සඳහා නිරතුරු පර්යේෂණ සිදුකිරීම සහ අවධානයෙන් පසු වීම ඉතා වැදගත්ය. YR4 වැනි ග්‍රහක පිළිබඳ දැනුවත්වීමෙන් සහ ඒවා මඟහැරීම සඳහා වූ උපක්‍රම වර්ධනය කර ගැනීම තුළින් අනාගතයේ ඇති විය හැකි අභ්‍යවකාශ තර්ජනවලින් මානව වර්ගයාට ආරක්ෂාවීමේ හැකියාව ලබා ගත හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක