මිග් යානා ගනුදෙනුව මුල් කොට උදයංග යළි සීඅයිඩියට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවන ලදී.ඒ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.එම මිග් යානා ගනුදෙනුවේ අදාළ කරුණු සලකා බැලීමේදී එහි විශාල මුදල් වංචාවක් සිදුවී ඇති බව පැහැදිලිව ඔප්පු වූ බැවින් 2015 ජනවාරි මාසයේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසු එම මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට යහපාලන ආණ්ඩුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලැබිණි. ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ හා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය.එම අති දැවැන්ත මූල්‍ය වංචාව එවකට ආරක්ෂක අමාත්‍යංශය හරහා එම ගනුදෙනුවේ අතරමැදියකු ලෙස කටයුතු කළ ඒ වනවිට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා හරහා සිදුවී ඇති බවට මූලික කරුණු වාර්තා­ විය.කෙසේ වෙතත් මිග් යානා ගනුදෙනුව සම්බන්ධ වැදගත් ලේඛන රැසක් සතු කර ගෙන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන් ඊට පසු දිනයෙක අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.මේ අතර මෙම මිග් අනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කොට සිටින වීරතුංග මහතාට වෙළඳ සමුළුවකට සහභාගී වීම පිණිස පසුගිය 12 දා වීරතුංග මහතා ගේ නීතිඥයකු කළ ඉල්ලීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විරුද්ධත්වය ප්‍රකාශ කිරීම මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම ඉල්ලීම ප්‍රතිෂේප කරන ලදී.උදයංග වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර වරුන්ගේ ඥාති සොයුරෙක් ද වෙයි.

කාලීන පුවත්