මින්නේරිය ජාතික වනෝද්‍යානය ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසුණු වන අලි 350ක් පමණ පසුගිය කාලයේ සිට ආගිය අතක් නැති නැතැයි පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී දෙපාර්තමේන්තු බලධාරීන් සඳහන් කරනුයේ එම වන අලි තෘණ ආහාර සපයා ගන්නා ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රයේ වැව් පිටි මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවතීම මුල් කොට ගත් ආහාර හිඟතාව මත එම අලි වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇති බවකි.එම වන අලි වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම නිසා මින්නේරිය ජාතික වනෝද්‍යානය කෙරෙහි ඇති සංචාරක ආකර්ශණය අඩු වී ඇති අතර පිට ප්‍රදේශ වල ජනතාවට වන අලින්ගෙන් වන හානි ද ඉහළ ගොස් තිබේ.මෙම කරුණු අනාවරණය වූයේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවක දී ය.මේ අතර ශ්‍රී ලංකාවේ වන අලි ගහණය 7000 දක්වා ඉහළ ගොස් ඇති මුත් දළ ඇතුන්ගේ සංඛ්‍යාව 142 තෙක් පහළ බැස ඇති බව ද මෙහි දී අනාවරණය විය.