තබ්බෝව අභය භුමියේ ඇතිවු ගින්නකින් අක්කර 300 කට වැඩි ප්රමාණයක් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
11 දින දහවල් ඇතිවු මෙම ගිනි ගැනීම පැය 10 කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය බවත් වනජීවි නිළධාරීන්, තබ්බෝව යුද හමුදා කදවුර නිළධාරීන් ,පොලිසිය, හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය ඇතුළු කණ්ඩායම් එක්වි ගින්න සම්පුර්ණයෙන් පාලනය කළ බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පවසයි.
වනජීවි නිළධාරින් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත අයුරීන් මෙම ගිනි තැබිම සිදුකර ඇති බවයි.