මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරනවාද?කැබිනට් තීරණය අද

ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්ඡාවචනයන් අනුව සකස් කර ඇති ඉන්ධන මිල සූත්‍රය අද(21) කැබිනට් මණ්ඩලය වෙත අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කරන ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදු කළ යුතු බවට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඇමති වරයා කීය.නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ සිපෙට්කෝ මඟින් බෙදා හරින ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය අවශ්‍යතාවක් බවය.අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ

කාලීන පුවත්