මිහිකත ගිනියම් වෙයි?

vinivida

ලෝකය උණුසුම් වීමේ වේගය වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් පසුගිය 25 වැනි බ්‍රහස්පතින්දා විශේෂ පණිවිඩයක් ලෙසින් ලෝකය හමුවේ අනතුරු හැඟවූයේය. ඔහු විසින් මෙය හඳුන්වනු ලැබුවේ ‘අත්‍යන්ත තාප වසංගය’ (extreme heat epidemic) නමිනි. ඔහු පැවසූයේ පසුගිය 22 වැනි සඳුදා මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ වැඩිම මධ්‍ය උෂ්ණත්වය (global average temperature) වාර්තා වූ බවය. එය සෙල්සියස් අංශක 17.16ක් වූ අතර 2023 ජූලි 6, එනම් වසරකට පෙර මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.08 ක් විය.
සෙල්සියස් අංශක 17 ක් යනු සැබවින්ම ඉතා අඩු උෂ්ණත්වයක් යැයි බැලූ බැල්මටම වරදවා වැටහෙන්නට පුළුවන. එබැවින් මුලින්ම ඒ ගැටලුව විසඳාගෙන ඉදිරියට යාම සුදුසුය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස්

ගෝලීය උෂ්ණත්වය ගණනය කරනු ලබන්නේ ලෝකයේ මධ්‍ය උෂ්ණත්වය සැලකිල්ලට ගැනීමෙනි. මේ සඳහා ලෝකයේ විවිධ ස්ථානවලින් ගනු ලබන උෂ්ණත්වයන් සලකා බලනු ලැබේ. එහිදී ගොඩබිම් ප්‍රදේශ, සමුද්‍ර මතුපිට සහ ධ්‍රැවීය ප්‍රදේශය භාවිතයට ගැනේ. වැඩිම උෂ්ණත්වය අගයයන් වාර්තා වන්නේ ගොඩබිම් ප්‍රදේශවලින් වුවද, සාගර මතුපිට උෂ්ණත්වය එයට වඩා අඩුය. ධ්‍රැවීය ප්‍රදේශවල උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක ඍණ අගයයන්වලිනි. මේ ආකාරයට බොහෝ ස්ථානවලින් ලබා ගන්නා උෂ්ණත්ව මට්ටම් සාමාන්‍යකරණය කළ විට ලැබෙන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා අත්දකින උෂ්ණත්වයට වඩා අඩු අගයකි. නමුත් ගෝලීය මතුපිට උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගනු ලබන්නේ මේ අගය මතය. කාර්මික විප්ලවය ආරම්භ කරන්නට පෙර ලොව පුරා පැවතී ඇත්තේ සාපේක්ෂව සෞම්‍ය උෂ්ණත්වයක් වූ අතර කාර්මික විප්ලවය සමයේ වාර්තා ගත වී ඇත්තේ ගෝලීය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7 ක් ලෙසිනි. විසිවැනි සියවස අවසන් වන විට මෙය සෙල්සියස් අංශක 14.3 ක් ලෙස වාර්තා වී තිබිණි. මෑත කාලයේ එය සෙල්සියස් අංශක 17 අවට අගයයන් අතර පැවතුණි. පසුගිය වසරේ එය සෙල්සියස් අංශක 17.08 ක් විය විය. නමුත් පසුගිය සඳුදා එය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 17.16 ක් ලෙසිනි. එය දශම ගණනක වෙනසක් වුව ද සමස්ත ගෝලය සැලකිල්ලට ගෙන බලද්දී එය අනතුරුදායක තත්ත්වයකි. මිනිස් සංහතියම අනතුරට හෙලන තත්ත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසන අන්දමට ලෝකයේ ඇතැම් ගොඩබිම් ස්ථානවලින් ජලය නටන උෂ්ණත්වයෙන් අඩකට කිට්ටු උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. මේ අත්‍යන්ත තාප වසංගත තත්ත්වයට ලෝකයේ බිලියන ගණනක ජනතාවක් ගොදුරු වෙමින් සිටියි. මහලේකම්වරයා පවසන්නේ ගංවතුර, සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලට වඩා මෙය අතිශය බියකරු තත්ත්වයක් බවය. මන්ද මෙය අපගේ ඇසට නොපෙනෙන දෙයක් බැවිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසන අන්දමට ලෝකයේ ඇතැම් ගොඩබිම් ස්ථානවලින් ජලය නටන උෂ්ණත්වයෙන් අඩකට කිට්ටු උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. මේ අත්‍යන්ත තාප වසංගත තත්ත්වයට ලෝකයේ බිලියන ගණනක ජනතාවක් ගොදුරු වෙමින් සිටියි. මහලේකම්වරයා පවසන්නේ ගංවතුර, සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලට වඩා මෙය අතිශය බියකරු තත්ත්වයක් බවය. මන්ද මෙය අපගේ ඇසට නොපෙනෙන දෙයක් බැවිනි. ගංවතුරක්, සුළි සුළඟක් ඇති වන විට අවට වායුගෝලයේ සිදු වන වෙනස්කම් අපට දකින්නට පුළුවන. එවිට යම් පෙර සූදානම්වීමක් සඳහා අවස්ථාව තිබේ. නමුත් උෂ්ණත්වය වැඩිවීම අපට පෙනෙන දෙයක් නොවේ. එය නිහඬව සිදු වන දෙයකි. එය අපට දැනෙන්නට පටන් ගන්නා විට සූදානම් වන්නට කාලයක් නැත.


2000 සහ 2019 අතර කාලයේ ලෝකයේ වසරකට සිදු වූ මරණවලින් 489,000 කට වගකිව යුත්තේ මේ ‘නිහඬ මාරයා’ ය. මේ කාලය තුළ සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලින් වසරකට සිදු වූ මරණ සංඛ්‍යාව 16,000 ක් පමණක් විය.
මහලේකම්වරයා. වැඩිහිටියන්, දරුවන් සහ රෝගීන් මේ මරණවලින් ගලවා ගැනීම සඳහා ඔවුන් සිසිලට පත් කළ හැකි ක්‍රමවේද ඇති කරන්නැයි ලෝකයේ රටවල්වලින් ඉල්ලා සිටියි. අනෙක ගෝලීය උෂ්ණත්වය මේ ආකාරයට දිනෙන් දින ඉහළ යාම ලෝකයේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දැඩි ලෙස බලපෑම් ඇති කරන අතර මේ වන විටත් දරිද්‍රතාවයට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වීම වළක්වා ගත නොහැකිය.

මුහුදින් වට වූ දූපතක් වන ශ්‍රී ලංකාවට තවමත් මෙහි අවදානම දැඩි සේ දැනී නැතත්, ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වර්ධනය වීමේ දී මේ තත්ත්වයෙන් ගැල වී සිටින්නට නොහැකි තත්ත්වයක් ඇති වන්නට හැකියාව තිබේ. වියළි කාලයන්හි දී එළිමහනේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ද ඇති වී තිබේ. ඒ සියල්ල මැද වන විනාශය, පරිසර හානි දිගින් දිගටම ඉවක් බවක් නොමැති සිදු වේ.

මේ අවදානමට වැඩි වශයෙන් පත්ව සිටින රටවල ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තාප තරංග (Heat Wave) ඇති වීම පිළිබඳ අනතුරු ඇඟවීම් පද්ධති පිහිටුවීම, නාගරික සැලසුම් කිරීම්වල දී හදිසි උෂ්ණත්ව ඉහළ යාම්වල දී ජනතාවට සිසිලස ලබා ගැනීම පිණිස ක්‍රමෝපායයන් සකස් කිරීම ආදිය පිළිබඳ උනන්දු වන්නැයි මහලේකම්වරයා සිය පණිවිඩය තුළින් ඉල්ලා සිටියේය.
ලෝකයේ සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුගමනය කරන්නට උනන්දුවන්නේ නම් වසර 2050 වන විට අඩුම තරමේ බිලියන 3.5 ක ජනතාවක් ආරක්ෂා කර ගත හැකි බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇති ලෝකයේ රටවල් 57ක් තුළ උෂ්ණත්වය වැඩි වීම පිළිබඳ අනතුරු හැඟවීමේ පද්ධති ස්ථාපනය කිරීමෙන් වසරකට ජීවිත 98,314ක් මරණයෙන් ගලවා ගත හැකි වෙතැයි ගණන් බලා තිබේ.

මුහුදින් වට වූ දූපතක් වන ශ්‍රී ලංකාවට තවමත් මෙහි අවදානම දැඩි සේ දැනී නැතත්, ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වර්ධනය වීමේ දී මේ තත්ත්වයෙන් ගැල වී සිටින්නට නොහැකි තත්ත්වයක් ඇති වන්නට හැකියාව තිබේ. වියළි කාලයන්හි දී එළිමහනේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ද ඇති වී තිබේ. ඒ සියල්ල මැද වන විනාශය, පරිසර හානි දිගින් දිගටම ඉවක් බවක් නොමැති සිදු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උෂ්ණත්ව අනතුරු හැඟවීම් පද්ධති ස්ථාපනය කළ යුතු රටටවල් අතර ශ්‍රී ලංකාව නැතත්, අප රටේ බලධාරීන්, දේශපාලනඥයන් මේ අනාගත අනතුර අවබෝධ කර ගනිමින් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගතහොත් මේ නිහඬ මාරයාට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර