මීගමුව කඩොල්කැලේ ප්රදේශයේ යෝජිත කඩොලාන රක්ෂිතයක් නීති විරෝධී ලෙසින් විනාශ කරමින් ඒ මැදින් පාරක් තනා අනවසර ගොඩකිරීමක් සිදු කරන බවට ප්රදේශවාසීන් හා පරිසරවේදීහු මැසිවිලි නඟති. ඔවුන් පවසන්නේ මෙම ක්රියාව පිටුපස ප්රදේශයේ ප්රබල දේශපාලන හස්තයක් ක්රියාත්මක වන බවකි.ඒ සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළ ද මෙම නීති විරෝධී ක්රියාව නැවැත්වීමට බලධාරීන් කටයුතු නොකරන්නේ එම නිසා බව ද ප්රදේශ වාසීහු කියති. කලපු කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතා ප්රකාශ කරන අන්දමට මෙම පාර නිසා කලපු රක්ෂිතය දෙකඩ වීමෙන් වඩදිය බාදිය ක්රියාවලියට බධා පැමිණෙන අතර එය කඩොලාන පරිසරයේ ජෛවමය අගය විනාශ වීමට හේතුවේ .එමෙන්ම මෙම සියළු සාරිසරික හානි සිදුවන අතරේ මීගමුවේ කඩොලාන පද්ධතිය රැක ගැනීම උදෙසා ප්රදේශයේ ප්රබල දේශපාලනඥයන් සමඟ නොබියව රාජකාරී මට්ටමින් සටන් වැදුණු ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට මාරු කොට තිබේ.