මීනගයා දුම් රියේ ගැටුණු වන අලි හයක් මිය යති;දෙදෙනකුට තුවාල

මඩකලපුව-කොළඹ අතරේ ධාවනය වූ ‘මීන ගයා’ නගරාන්තර දුම්රියේ ගල්ඔයේදී අලි රංචුවක ගැටීමෙන් අලි හය දෙනෙකු ඛේදජනක ලෙස මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.ඊයේ(19) රෑ මැදියමට ආසන්න මොහොතක හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මඩකලපුවේ කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ වන අලි 08දෙනෙකු ගැටී ඇත. එම අනතුරින් වන අලි 06දෙනෙකු මිය ගොස් වන අලි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. එසේම දුම්රිය පීලි පැනීමෙන් මගීන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත. තුවාල ලද අලි දෙදෙනාට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලබයි.හබරණ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.මෙලෙස වන අලින් දුම් රියවල ගැටීම දුම්රිය රියැදුරන් ගේ නොසැලකිලිමත් කම නිසා සිදු නොවන්නක් වන අතර ඒ සම්බන්ධයෙන් නියම තතු නොදන්නා බොහෝ දෙනකු සමාජ ජාල කරුවන් දුම්රිය රියැදුරන්ට දොස් තබනා මුත් මෙම සාතිශය ඛේදවාචකය දුරලීම සම්බන්ධයෙන් දැන් වත් ඊට වඩා දූර දර්ශී හා විධිමත් පියවර ගත යුතු බව පරිසර වේදීහු කියති.

කාලීන පුවත්