මීරිගමටත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

මීරිගම දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පළ ඒකාබද්ධ කර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි.

මේ වන විට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි.

එවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මධ්‍යම අධිවේගී මාර්ගය ද මීරිගම හරහා වැටී තිබේ.

මේ අනුව ද මීරිගමට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම යෝග්‍ය බවටයි හඳුනාගෙන ඇත.

ජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව චමින්ද ලලිත් කුමාර මන්ත්‍රිවරයා  ප්‍රකාශ කරයි.

කාලීන පුවත්