ඖෂධීය නිෂ්පාදනවලට පමණක් යොදා ගැනීම සඳහා අපනයනය කිරීමට “ත්‍රෛලෝක විජයපත්‍ර“ (කංසා) වගා කිරීමට ආයෝජන මණ්ඩලයට අයත් මීරිගම සහ පල්ලේකැලේ යන කලාපවල අක්කර අනූවක පමණ භූමි ප්‍රදේශයක් වෙන්කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවැසීය.
ආයෝජන මණ්ඩලයට අයත් මීරිගම කලාපයෙන් අක්කර 70 ක භූමි ප්‍රදේශයක්ද, මහනුවර, පල්ලේකැලේ කලාපයෙන් අක්කර 20 ක භූමි ප්‍රදේශයක්ද ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීම සඳහා වෙන්කර ඇතැයි ඔහු කීවේය.
ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීම සහ නිෂ්පාදනය කිරීමට උනන්දුවක් දක්වන දේශීය විදේශීය ආයෝජකයන්ගෙන් මේ දිනවල ව්‍යාපෘති යෝජනා කැඳවීම සිදු කෙරෙන බවත්, මෙහිදී මෙම වගාව සිදු කිරීමට අවස්ථාව ලබාදෙන්නේ ආයෝජන මණ්ඩල කලාපවල තෝරාගත් භූමි ප්‍රදේශවල පමණක් බවත්, එමෙන්ම ඒවා වගා කළ යුත්තේ අපනයන ඉලක්ක කරගනිමින් පමණක් බවද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.